ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මැයි දින පෙළපාලි, රැස්වීම් සහ සැමරුම් උත්සව සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම සම්බන්ධව පොලීසියෙන් විශේෂ නිවේදනයක්

    අප්‍රේල් 30, 2024

    හෙට දින පවත්වන මැයි දින පෙළපාලි, රැළි හා සැමරුම් උත්සව ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඡායාරූප හා වීඩියෝගත කිරීමේ කටයුතු සිදුකරන්නේ නම් ඒ සඳහා නිසි අවසර ලබාගත යුතු බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.

     

    ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට දින පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි, රැස්වීම් සහ සැමරුම් උත්සව සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

    අනවසරයෙන් මැයි දින පෙළපාලි, රැළි හා සැමරුම් උත්සව කටයුතු ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් වන අතර මෙය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ වන බවත් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.

    අනවසරයෙන් ඩ්‍රෝන යානා භාවිත කරන්නන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya