ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වැටුප් වැඩි කිරීමෙන් නොනැවතී වතු සේවකයන්ට නිවාස හා ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරනවා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර

    මැයි 01, 2024

    ඉදිරියේදී වතු කම්කරුවන් සඳහා ගම්මානයක් නිමවා එහි ඉඩම් සහ වතුවල අයිතිය දෙනු ලැබීමට කටයුතු කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (01) නුවරඑළියේදී පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින සැමරුමට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

    වතු කම්කරුවන් බලා ගැනීමට බාර ගත් පාර්ශ්ව නිසි ලෙස කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුව ඒ සඳහා තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී අමාත්‍යවරයා පැවසීය.

    "මාව දේශපාලනයට ගෙනාවේ ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා. එම කොංග්‍රසයෙන් දේශපාලනය පටන් ගෙන තමයි මම අද රටේ කම්කරු ඇමති වුණේ. ඔබගෙන්, ඔබගේ නායකයාගෙන් ඉගෙනගත්තු දේශපාලනය නිසා තමයි කම්කරු ඇමතිවරයා හැටියට මට අද කම්කරු ජනතාවට වැඩ කරන්න පුළුවන් වුණේ. අද ජීවන් තොණ්ඩමන් මැතිතුමන් එක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවට ඇමතිවරු විදිහට අපි සම්බන්ධ වෙලා රට වැටිලා තිබුණු තැනින් ගොඩ අරගෙන, මිනිස්සු පෝලිම්වල හිටපු යුගය නැති කළා. ගෑස්, තෙල් පෝලිම් නැතුව ඔබට නැවත වතාවක් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් පරිසරය රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ජීවන් තොණ්ඩමන්, සෙන්දිල් තොණ්ඩමන් මැතිතුමන්ලා සකස් කළා.
    මේ වතු කම්කරු ජනතාව හැමදාමත් පීඩනයට පත් වුණා. හැබැයි ඒ හැම වෙලාවකම ඔබ වෙනුවෙන් පෙනී හිටියේ තොණ්ඩමන්වරුන්. ඔබට ප්‍රජා අයිතිය දෙනකොට සෞම්‍යමූර්ති තොණ්ඩමන් මැතිතුමා නායකත්වය ගත්තා. ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා ඒ සඳහා හයිය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එකතු වෙලා ඔබ වෙනුවෙන් කටයුතු කළා. අද සෙන්දිල් තොණ්ඩමන්, ජීවන් තොන්ඩමණ්වරුන් එකතු වෙලා CWC එකත් එකතු වෙලා ඔබගේ අයිතීන් වෙනුවෙන් කරන්න තියෙන හැම කැපවීමක්ම කරනවා. මට අවුරුද්දක ඉඳලා ජීවන් තොණ්ඩමන්, රමේශ්, සෙන්දිල් තොණ්ඩමන් මැතිතුමන්ලා පාර්ලිමේන්තුවේ, කැබිනට් එකේ ඉන්න දුන්නේ නෑ. අවුරුද්දක් තිස්සේ මට කරදර කළා ඔබලාගේ පඩි වැඩි කරන්න. ඒ සඳහා දැඩි පරිශ්‍රමයක් යෙදුවා. අපි විවිධ සාකච්ඡා කළා. හාම්පුතුන්ව ගෙන්නුවා, කියන්න තියෙන හොඳම විදිහට කිව්වා. දැන් නරක විදිහට කියලා හරි අපි ඔබගේ පැත්තේ හිටගන්නේ මෙතුමන්ලා දුන්න සහයෝගය නිසා. ජීවන් තොණ්ඩමන්, සෙන්දිල් තොණ්ඩමන්, රමේශ්, මාරිමුත්තු මැතිතුමන්ලා මේ වැටුප් වැඩි කිරීම කොහොම හරි කරන්න ලොකු හයියක් දුන්නා. මැයි පළවෙනිදට ඉස්සෙල්ලා වැටුප් වැඩි කිරීම කරනවා කිව්ව ජනාධිපතිතුමා අද ඒක නිවේදනය කළා. ජනාධිපතිතුමා කිව්වා රුපියල් 1700ට වැඩිය වැටුප් කරන්න සාකච්ඡා කරන්න කියලා, පළවෙනි ටොක්ක ඇනලා. මේ වතු අයිතිය තියෙන්නේ ඔබලාට. ආණ්ඩුවට. කොම්පැණි කියන්නේ වතු බලාගන්න දුන්න අය විතරයි. ඒ අයට බැරි නම් අවශ්‍ය පහසුකම්, පඩි දෙන්න අවශ්‍ය තීරණ ගන්න සූදානම් කියන පණිවිඩයත් ජනාධිපතිතුමා එදත් දුන්නා. අදත් දුන්නා. අද පඩිය 1700ට වැඩි කළා. එතනින් නතර වෙන්නේ නෑ. කිලෝ එකට රුපියල් 80ක් ගෙවන්න අපි තීන්දුවක් ගත්තා. ඒ පණිවිඩය නිකුත් කරලා, ගැසට් පත්‍රය නිකුත් කළාට පස්සේ තමයි අද අද මෙතනට ආවේ. දැන් පඩි වැඩි කරන්න කියලා බොරුවට කෑ ගහන අය එක්කෙනෙක්වත් මට කිව්වේ නෑ, ඔබලාගේ පඩි වැඩි කරන්න කියලා. ඒ අය ඇහුවේ පඩියට මොකද වෙන්නේ කියලා. පඩි වැඩි කරන්නේ නැතුව ඔබගේ ඡන්ද ගන්න, අදත් තලවකැලේට ඇවිල්ලා ඉන්නේ බොරු පොරොන්දු දෙන්න. එතනින් නතර නොවී ජනාධිපතිතුමා තීරණයක් ගත්තා ඔබලාගේ වතු නිවාසවල අයට ගම්මානයක් හදලා, ඒ ගම්මානයේ ඉඩම් සහ වතුවල අයිතිය ලබා දෙන්න. එය අපි අනිවාර්යෙන් ඉටු කරනවා."
    යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya