ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වසර අවසන්වන තෙක් එළවළු මිල අධික ලෙස ඉහළයාමේ අවදානමක් නැත

    මැයි 03, 2024

    මෙම වසර අවසන් වන තෙක් මෙරට එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය අවධාරණය කර සිටී.

     මැයි සහ ජූනි මාසවල වෙළෙඳපල තුළ එළවලු හා පලතුරු මෙන්ම අනෙකුත් ආහාර බෝගයන්හි මිල මට්ටම්වල හැසිරීම පිළිබඳව ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව දැනුම්වත් කිරීමේ පර්යේෂණ වාර්තාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙමින් එම ආයතනය මෙම කරුණු අවධාරණය කළේය.

    සෑම වර්ෂයකම මහ කන්නයේ හා යල කන්නයේ වගා කරනු ලබන එලවළු හා පලතුරු අස්වනු අප්‍රේල් මාසය අවසන් වනවිට අවසන් වේ. එමනිසා මැයි , ජූනි, ජුලි මාසවල දී එලවළු මිල ඉහළයාමක් සිදු වේ. නමුත් මෙවර මහ කන්නයේ දී අධික වර්ෂාව නිසා එළවලු වගාව ප්‍රමාද වී ආරම්භ කළ අතර, වර්ෂාවෙන් විනාශ වු එළවලු වගාවන් නැවත ආරම්භ කිරීම ද සිදුවිය. මෙම අස්වනු සියල්ල එකවර පැමිණීම නිසා වෙළෙඳපළේ එලවළු මිල ගණන් සීග්‍රයෙන් පහළ ගියේය.

    එමෙන්ම හිඟයකින් තොරව එලවළු වෙළෙඳපොලට සැපයීම අඛණ්ඩව සිදුවේ.

    යම් හෙයකින් මැයි මාසයේ අවසාන සති දෙක තුළ දැඩි වර්ෂාපතනයක් ඇති වුවහොත් ජූනි මාසය දක්වා එළවළු මිල ගණන්වල යම් වැඩිවීමක් සිදුවිය හැකි බව ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු , පුහුණු හා පර්යේෂණ ආයතනය පවසයි.

    කාලගුණික වශයෙන් ඉදිරි කාලය තුළ දැඩි බලපෑමක් සිදු නොවුනහොත් හා දැනට පවතින යහපත් කාලගුණික තත්ත්වය එසේම පැවතුනහොත් මෙම වසර අවසන් වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ඉහළයාමක් සිදු නොවේ.

    මේ හැර සහල්  මිල සම්බන්ධව ගතහොත් ජනතාවගෙන් සියයට 90ක් පමණ පරිභෝජනය කරන නාඩු සහල් මිල ගණන් ඉදිරි මාස තුන තුළත් නොවෙනස්ව පවතී.

    නමුත් කීරි සම්බා හා සම්බා සහල් මිල ගණන්වල යම් ඉහළයාමක් ඉදිරියටත් සිදුවිය හැකි බව ද මෙම පූර්ව දැනුම්වත් කිරීමේ වාර්තාව පෙන්වා දෙයි. එයට හේතුව දැනටමත් මෙම සහල් වර්ග දෙකෙහි මිල ගණන් පාලන මිල ඉක්මවා ගොස් ඇති හෙයිනි.

     

    එමෙන්ම බඩඉරිඟු අස්වැන්න මෙවර ඉහළ ගොස් තිබේ. එසේම බඩඉරිඟු ගොවීන්ට දැනට හොඳ මිලක් ද ලැබී තිබේ. මේ වනවිට බඩඉරිඟු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 125-135 වැනි මිල ගණන් යටතේ අලෙවි වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya