ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව මැයි 7 සිට 10 දක්වා රැස්වෙයි

    මැයි 03, 2024

    පාර්ලිමේන්තුව මැයි මස 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

    පසුගිය අප්‍රේල් 26 වැනිදා නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

    මේ අනුව මැයි මස 7 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30- පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.   අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00            දක්වා  බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 දක්වා අත්හිටුවනු පිණිස විධිවිධාන ඇතුළත් බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

    එසේම සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) නැමැති පෞද්ගලික මන්ත්‍රී ‍ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ.

    ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා  සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya