ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආචාර්ය නලින්ද සිල්වාගේ අභාවය වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක් - අවසන් කටයුතු හෙට

    මැයි 04, 2024

    අභා­ව­ප්‍රාප්ත මහා­චාර්ය නලින් ද සිල්වා මහ­තාගේ අව­සන් කට­යුතු හෙට (5) ප.ව. 1.00ට පවුලේ ඥාතීන්ගේ කැමැත්ත පරිදි අමෙ­රිකා එක්සත් ජන­ප­ද­යේදී සිදු කිරී­මට නිය­මි­තව තිබේ. ශ්‍රී ලංකාවේ සිටින මහා සංඝ­ර­ත්නය ප්‍රමුඛ ජාතික හා දේශ­මා­මක සංවි­ධාන ගණ­නා­වක් එක­තුව ඒ මහතා වෙනු­වෙන් ආග­මික වතා­වත් එදින පස්වරු 3.00ට කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ලන ශාලා­වේදී සිදු කිරී­මට නිය­මි­තය. 

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කර ති‌බේ. එම නිවේදනය  මෙස්යි.

    සෛද්ධාන්තික මහාචාර්ය භෞතික විද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමන් අභාවප්‍රාප්ත වීම පිළිබඳ පුවත සැළවීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි.

    මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමන් මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙකි. පසුව සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹුණු චරිතයකි. එතුමන් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය.

    මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා විසින් රචිත කෘති, දේශන සහ එතුමන්ගේ මග පෙන්වීම ලබා දුන් ගවේෂකයෝ සංවිධානය සහ ඔහු විසින් ලේකම් ධූරය දරන චින්තන පර්ෂදය සංවිධානය ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ලකර ඇත. එමෙන්ම නූතන බෞද්ධ ජාතික දැක්ම නිර්මාණය සඳහා එතුමාගේ දර්ශනය තීරකව බලපෑවේය.

    මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම කැළණිය විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල ගුරු සංගමයේ සභාපති වශයෙන් ද මහත් කැපවීමෙන් සිය කාර්යයන් ඉටුකල විද්වතෙකි.

    මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාගේ අභාවයෙන් ශෝකයට පත් එතුමාගේ බිරිඳ, පුතුන් දෙදෙනා හා දියණිය වෙතත් ඥාතීන් ඇතුළු එතුමන්ගේ ශිෂ්‍ය පරම්පරාව වෙතත් මාගේ සාතිශය සංවේගය පළ කරමි.

    අභාවප්‍රාප්ත මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya