ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11 වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට ඇමති ප්‍රසන්නගෙන් බලධාරීන්ට උපදෙස්

    මැයි 06, 2024

    නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩ ආරම්භ කර ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. 

    මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ මහා භාණ්ඩාගාර අරමුදල් භාවිත කරමිනි. ඒ අනුව ව්‍යාපෘති 11 සඳහා මාභා භාණ්ඩාගාරය මගින් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කර තිබේ. එම මුදල් භාවිතාකර ව්‍යපෘති දෙකක් ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් මෙම සංවර්ධන ව්‍යාපෘති 11 ක්‍රියාත්මක කරනු ලැබේ. 

    ඒ අනුව සියක් නගර පහසුකම් සංවර්ධනය හා නගර සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන්ව තිබේ. එමෙන්ම රාජ්‍ය ආයතන මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 400ක මුදල් මහා භාණ්ඩාගාරය විසින් වෙන්කර ඇත. 

    මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් පැවසුවේ මෙම ව්‍යාපෘති සඳහා තවත් මුදල් අවශ්‍ය බවයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට තමන් මහා භාණ්ඩාගාරය සමඟ තමන් සාකච්ඡා කරන බවයි.

    ගම්පහ පොදු වෙළඳපොළ සංවර්ධනය, පානදුර වෙළඳපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය, අවිස්සාවේල්ල පොදු වෙළඳපොළ සංවර්ධනය, නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම, මුලතිව් බස් නැවතුම්පොළ ඉදිකිරීම, අලව්ව පොදු වෙළඳපොළ සංවර්ධනය, වරකාපොළ බස් නැවතුම්පොළ සංවර්ධනය, මිනුවන්ගොඩ පොදු වෙළඳපොළ සංවර්ධනය, යෝජිත හොරණ පොදු වෙළඳ පොළෙහි සැලසුම හා ඉදිකිරීම, කෑගල්ල බස් ඩිපෝව ප්‍රතිස්ථාපනය කිරීම, අලව්ව පදික මංතීරුව හා රථවාහන නැවතුම සංවර්ධනය කිරීම එම ව්‍යාපෘති 11යි.

    මෙම ව්‍යාපෘති යටතේ නගර මධ්‍යයේ ස්ථාපිත අනවසර ව්‍යුහ ඉවත් කිරීම, පදික වේදිකා අලුත්වැඩියාව හො අලුතින් ඉදිකිරීම, නව රථගාල් ඉදිකිරීම, පවතින රථගාල් සංවර්ධනය, කසළ බැහැර කිරීම සඳහා සුදුසු වැඩසටහන් හඳුන්වාදීම ඇතුළු තවත් විවිධ සංවර්ධන කටයුතු සිදුකරනු ලැබේ.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ අසංවිධානාත්මක හා අක්‍රමවත් පරිදි සංවර්ධනය වූ ප්‍රාදේශීය නගර ප්‍රතිසංවර්ධනය කිරීම තුලින් ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතබව අවම කළ යුතු බවයි.

    ඒ අනුව සියලුම ජනතාව වෙත සමාන නාගරික පහසුකම් ලබාදීම තුලින් ජනතාවගේ සමාජීය හා ආර්ථික අවශ්‍යතාවයන් ඉටුකිරීම රජයේ වගකීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ගේ හා මහජනතාවගේ අදහස්වලට නිරන්තරයෙන්ම මූලිකත්වය ලබාදෙන ලෙසද බලධාරීන්ට උපදෙස් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya