අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත්/ අසමත් බව නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීම සදහා සිසුන්ට අවස්ථාව සලසා දී ඇති අතර , මේ වන විට සැම අධ්‍යාපන කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි පාසල් 604 ක එම විෂය ධාරාව ක්‍රියාත්මක වේ.
එම විෂය ධාරව යටතේ 12 වන ශ්‍රේණියේදී මෘදු කුසලතා සංවර්ධනය කරන පොදු විෂයක් හැදැරීය යුතු අතර ,13 වන ශ්‍රේණියේදී ජාතික වෘත්තිය සුදුසුකම් 4 මට්ටමේ (NVQ 4) පාඨමාලාවක් මාස 06ක කාලයක් හැදෑරිමට සහ මාස 06ක රැකියාගත පුහුණුවක යෙදීමට සිසුන්ට අවස්ථාව සලසා දෙනු ලැබේ. එම සිසුන් සඳහා (NVQ 4) මට්ටමේ පාඨමාලා පවත්වාගෙන යාම සඳහා අමාත්‍යංශ 07ක් යටතේ ක්‍රියාත්මක වන වෘත්තිය පුහුණු ආයතන 17ක් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංහය සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹ ඇත.
දැනට වෘත්තිය විෂය ධාරාව හැදෑරිම සඳහා සිසුන් 50,000ක් පමණ ලියාපදිංචි වී ඇති බැවින් අදාළ වෘත්තීය පුහුණු ආයතන විසින් එකී සිසුන් සඳහා ප්‍රමාඛතාව ලබා දීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.