ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

    මැයි 19, 2024

    ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹසහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 01.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩිතද වැසි ඇතිවිය හැක.

    දකුණු පළාතේ විටින්විටහමනපැ.කි.මී. (30-40)කපමණතරමක් තදසුළංඇතිවියහැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya