ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි දින වලදී තද වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක්

    මැයි 19, 2024

    ශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එසේම සුළං තත්ත්වය දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 30 - 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.

    එසේම බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්ක සදහා මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව නිවේදනය කර ඇති අතර මෙම තත්වය ඉදිරි දින කීපය තුළ තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. ඊට අමතරව කල්පිටිය සිට කොළව ගාල්ල හම්බන්තොට හරහා මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බවත් මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ක් 70 ක් දක්වා වැඩිවිය හැකි බවත් නිවේදනය කර ඇත. තද සුළං වැනි ආපදා සිදුවිය හැකි බවත් මේ නිසා ආපදා අවාදානම් අනතුරු ඇගවීම් පිළිබදව නිරන්තර අවධානය යොමු කරන මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන ලදී.

    පවතින වැසි තත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක බදුල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑලිය සහ රත්නපුර දිස්ත්‍රික්වල නායයාම් අධි අවදානම් ප්‍රදේශ සදහා නායයාම් නිවේදන ද නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවේ නිරිතදිග කළාපයට ඇතිවිය හැකි වැසි තත්ත්වය හේතුවෙන් ගංවතුර, නායයාම්, දැඩි සුළං සහ මුහුදු රළ ඉහළ යාම නිසා වෙරළාශ්‍රිත පහත් බිම් ජලයෙන් යටවීම් වාර්තා විය හැකිය. එබැවින් ඔබ වාසය කරන නිවස,පාසල,රාජකාරි ස්ථානය හා නිතර යන එන ස්ථාන ගංවතුර, නායයාම්, තද සුළං ආපදා අවදානමක් ඇත්දැයි සොයා බැලීම, නිවාස අසල අවදානම් සහිත ගස් ඇත්නම් ඉවත් කිරීමට කටයුතු කිරීම ඔබගේ ප්‍රදේශයේ අවහිර වී ඇති ඇළ මාර්ග ඇත්නම් ඒවා සුද්ද පවිත්‍ර කර ගැනීමට කටයුතු කිරීම මෙන්ම ඔබ නිවස අසල අස්ථාවර පස් කණ්ඩි තිබේනම් ඒ පිළිබඳ අවධානය යොමු කිරීමටත් අකුණුඅනතුරුනිසාසිදුවනහානිඅවමකරගැනීම සදහා අවධානයයොමුකිරීමටත් කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    එසේම යම් ආපදා තත්ත්වයක් වාර්තා වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අංකයට අමතන මෙන් තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya