ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ජනපති ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරය අරඹයි

    මැයි 19, 2024

    ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) බාලි නගරයේ ගුස්ටි නුරා රායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් (Gusti Ngurah Rai International Airport) එරටට ළඟාවිය.

    ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්ව සිටින අතර එරට ගුවන් තොටුපොළේදී ඉන්දුනීසියානු ජනරජයේ බලශක්ති හා ඛනිජ සම්පත් අමාත්‍ය අරිෆින් තස්රිෆ් (Arifin Tasrif) ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබිංග් (Devi Gustina Tobing) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස විසින් ජනාධිපතිවරයාව හරසරින් පිළිගනු ලැබිය.

    හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වූ අතර සාම්ප්‍රදායික බාලි නර්තන ශිල්පීන්ගේ නර්තනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

    10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී පැවැත්වෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ අතර ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් ද මීට සමගාමීව අද (19) සිදු විය.

    ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව එහිදී අවධාරණය කෙරිණි.

    දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya