ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    තිස්සමහාරාම මුලික රෝහලේ නව ඔක්සිජන් උත්පාදක බලාගාරය විවෘත කෙරේ

    මැයි 24, 2024

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම මුලික රෝහලේ රුපියල් මිලියන 50  ක වියදමින් ස්ථාපිත කරන ලද නව ඔක්සිජන් උත්පාදන බලාගාරය (OXYGEN GENERATION PLANT) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිනි.

     

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුව මෙරට රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව, ගුණාත්මකව හා කාර්යක්ෂමව පවත්වාගෙන යමින් ග්‍රාමීය ජනතාවට ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවාවක් ලබාදීම මුලික අරමුණ කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය දිස්ත්‍රික් මට්ටමින් සිදුකරගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙලට සමගාමීව මෙම කටයුතු සිදු කෙරිනි.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්විම සහ යුනිසෙෆ් සංවිධානයේ ආධාර මත තිස්සමහාරාම මුලික රෝහලේ ස්ථාපිත කරන ලද මෙම නව ඔක්සිජන් සැපයුම් ඒකකය  (OXYGEN GENERATION PLANT) මගින් මසකට ඔක්සිජන්  ජම්බෝ සිලින්ඩර් 900 ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. රෝහලේ අවශ්‍යතාවය මසකට ඔක්සිජන්  ජම්බෝ සිලින්ඩර්  53 ක් පමණ වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් සදහා මාසයකට ඔක්සිජන් අවශ්‍යතාවය ඔක්සිජන්  ජම්බෝ සිලින්ඩර්  250 ක් පමණ වේ. තිස්සමහාරාම මුලික රෝහලට ඔක්සිජන් සිලින්ඩර් සහ  Liquid (දියර) ඔක්සිජන් මිලදී ගැනීම මසකට ලක්ෂ 03 ක පමණ වියදමක් දැරීමට මීට පෙර සිදුව තිබුනි.

    මෙම නව ඔක්සිජන් සැපයුම් ඒකකය මගින් සෘජුවම රෝහලේ වාට්ටු සහ හදිසි ප්‍රතිකාර ඒකක  සදහා ඔක්සිජන් ලබාදීමේ හැකියාව පවතින අතරඅතිරික්ත ඔක්සිජන් දකුණු පළාතේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ලබාදීමට ද නියමිතය. තිස්සමහාරාම මුලික රෝහල ද ඇතුළුව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලඅවිස්සාවෙල්ල දිස්ත්‍රික් මහ රෝහලඋඩුගම මුලික රෝහල, කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල ආදී වශයෙන් රෝහල් 05 ක මෙලෙස ඔක්සිජන් උත්පාදක ඒකක මේ වන විට පිහිටුවා ඇත.

    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ තිස්සමහාරාම රෝහලේ ස්ථාපනය කරන ලද මෙම ඔක්සිජන් උත්පාදක ඒකකය තුලින් රෝහලේ සහ දිස්ත්‍රික්කයේ ඔක්සිජන් අවශ්‍යතාවය සපුරාලිය හැකි බවයි. රෝහලට අත්‍යාවශ්‍යව ඇති දැඩිසත්කාර ඒකක ගොඩනැගිල්ල සහ ඊට අදාල උපකරණ වලට  අදාල ඇස්තමේන්තු සකස් කර දෙන ලෙසත් ලබන වසරේ අයවැය ප්‍රතිපාදන තුල ඊට අදාල කටයුතු සිදු කරන බවයි. එන්ඩොස්කොපි යන්ත්‍රයක් මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 50 ක මුදලක් ලබාදෙන බවත්, රෝහලේ සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 30 ක් සහ පල්දෝරු ක්‍රමය සදහා රුපියල් මිලියන 80 ක් ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.

    මෙම අවස්ථාවට දකුණූ පළාත් සෞඛ්‍ය ලේකම් ක්‍රිෂාන්ත ඩබ්ලිව් මහේන්ද්‍ර මහතා, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීපිකා පටබැදිගේ, තිස්සමහාරාම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya