ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර වෙසක් උත්සවය සිව්වන වරටත් ධවල මන්දිරයේ දී පැවැත්වේ

    මැයි 27, 2024

    ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙවරත් ඇමරිකානු ජනාධිපති මන්දිරයේ දී සැමරීම ට අවස්ථාව උදාවූ බව උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ ඇමරිකාවේ බෞද්ධ සංගමයේ උප සභාපති, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ අවධාරණය කරති.

    මැයි 23 දින ධවල මන්දිරයේ දී පැවැති මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා ථෙරවාද බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ මහායාන භික්ෂූන් වහන්සේ ද වැඩ ම කර සිටිබව උපරතන හිමිපාණන් වහන්සේ පැවැසූහ.
    දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු රටවල් නියෝජනය කරමින් මේ සඳහා තානාපති වරු සහභාගි වී සිටියහ.
    එමෙන්ම ඇමරිකාවේ, ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ ඇමරිකාවේ ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ සභාපති වන්මෝර් ඩික්සි මහත්මිය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
    බුදුන් වහන්සේ ගේ තෙමගුල සිහිපත් කෙරෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙවර ඇමරිකානු ජනාධිපති වරයා ගේ නිල නිවසේ පැවැත් වූයේ සිව්වන වරටය.
    ලෝක බලවතා වන එක්සත් ජනපද ජනාධිපති වරයා ගේ, නිල නිවස වන ධවල මන්දිරයේ දී මෙම උතුම් දිනය සැමරීම ට හැකි වීම ලෝක වාසී බෞද්ධ ජනතාව ට මෙන්ම ථෙරවාද බුදුදහම සුරක්ෂිතව පවතින එක ම රාජ්‍ය වන ශ්‍රී ලංකාව ටත්, රටේ බෞද්ධ ජනතාව ට ත් ගෞරවය ක් ගෙන දෙන්න ක් බව උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණෝ පෙන්වා දෙති.

    එක්සත් ජනපදයේ මිලියන 3.5 කට අධික බෞද්ධයන් සහ 2,400 කට අධික සංවිධාන පවතින අතර එක්සත් ජනපදයේ තුන්වන විශාලතම ආගමික සම්ප්‍රදාය ලෙස බුදුදහම සැලකේ.
    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1999 දී වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස නම් කෙරිණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya