ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ ප්‍රදේශයේ අවධානම් ගස් ඉවත් කිරීම පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක්

    මැයි 27, 2024

    කොළඹ ප්‍රදේශයේ අවධානම් ගස් ඉවත් කිරීම පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට තුල ඇති වී තිබෙන ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳව  අද(27) කොළඹදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙිමන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    එම ගස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය කොළඹ මහනගර සභාවේ පූර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කරන බවත් එසේ ඉවත්කරන ගස් සඳහා අලුත් ගස් සිටුවීමට තීන්දු කළ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

    ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක බලකාය හා කොළඹ නගර සභාව සමග එක්ව අවදානම් ගස් ඉවත් කිරීමටත්, ගස්වල ඇති අවදානම් අතු ඉවත් කිරීම කටයුතු කිරීමටත්, ඉවත් කිරීමට යෝජිත ගස් වෙනුවට ආදේශක ලෙස නගරයට ගැලපෙන හා මාර්ග වලට මෙන්ම ජනතාවට අවහිරයක් නොවන ගස් සිටුවීම සඳහා තෝරාගැනීමට උපදෙස් ලබා දුන් බවත්, විහාරමහා දේවි උද්‍යානයේ ඇදවැටී ඇති ගස් වල මුල් පිළිබඳ විද්‍යාත්මක පරීක්‍ෂණ කිරීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට අවශ්‍ය උපකරණ ලබා දීමටත් කටයුතු සුදානම් කර ඇති බවද මෙහිදි ප්‍රකාශ කරන ලදි.

    තවද, කෑගල්ල පහල කඩුගන්නාව ප්‍රදේශයේ හඳුනාගෙන ඇති ගල් පෙරලිමේ අවදානම් ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇති බවත්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධීක්‍ෂණය යටතේ අවශ්‍ය කණ්ඩායම් යොදවා ජනතාවට අවම අපහසුතාවයක් ඇතිවන ආකාරයෙන් එම ස්ථාන වල ගල් ඉවත් කිරීමට කටයුතු සිදු කිරිමටත් කටයුතු කරනු ලබන බවත් ඔහු පැවසීය.

    පාසල් ළමුන්ගේ ආරක්‍ෂාව සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත “සුරකිමු” විශේෂ ජාතික වැඩසටහන පිළිබඳ හෙට දිනයේදී අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් පාලන ආයතන, දිසාපති කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කිරීමට කටයුතු සිදුකරනු ලබන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya