ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නිත්‍යානුකූල මාර්ග අවසරයකින් තොරව යාපනය දිස්ත්‍රික්කයේ සිට වෙනත් දිස්ත්‍රික්කවලට හුණුගල් ප්‍රවාහනය කළ නොහැකි බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය වෙයි.

    මැයි 30, 2024

    නිත්‍යානුකූල මාර්ග අවසරයකින් තොරව යාපනය දිස්ත්‍රික්කයේ සිට වෙනත් දිස්ත්‍රික්කවලට හුණුගල් ප්‍රවාහනය කළ නොහැකි බව  යාපනය  දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අද තීරණය විය.

    යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මියගේ සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30)  යාපනය දිස්ත්‍රික් ලේකම්  කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    යාපනය දිස්ත්‍රික්කයේ කැණීම් කරන ලද හුණුගල් වෙනත් දිස්ත්‍රික්කවලට කිසිදු අවසරයකින් තොරව ප්‍රවාහනය කරන බවට එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වූ දෙපාර්තමේන්තු නිලධාරීන් විවිධ කරුණු ඉදිරිපත් කළහ.

    ඇතැම් ප්‍රදේශවල අනවසරයෙන් හුණුගල් කපා වෙනත් දිස්ත්‍රික්කවලට ප්‍රවාහනය කරන බවට තොරතුරු වාර්තා ව් ඇති බවත් නීතිමය රෙගුලාසිවලට අනුව හුණුගල් කැණීම් කළ යුතු බවත් එය දේශීය අවශ්‍යතා සඳහා භාවිතා කළ යුතු මෙහිදී තීරණය විය. මීට අමතරව, කෘෂිකාර්මික කටයුතු සඳහා කැණීම් කටයුතුවල යෙදී සිටින පුද්ගලයින්ට සුදුසු පරීක්ෂණ සිදු කර බලපත්‍ර නිකුත් කරන ලෙසත්, බලපත්‍ර රෙගුලාසි සහතික කිරීම සඳහා අඛණ්ඩ අධීක්ෂණයක් සිදු කරන ලෙසත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    මීට අමතරව ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් යාපනය දිස්ත්‍රික්කයට පස් රැගෙන ඒම තහනම් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya