ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රූපවාහිනී සංස්ථාවට නව සභාපතිවරයෙක්

    ජූනි 02, 2024

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත් කර තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බනුදුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිදු කෙරුණි.මෙම අවස්ථාවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, නව ක්‍රමවේද භාවිතා කරමින් ආගමික හර පද්ධතින් ආරක්ෂා වන පරිදි ජාතික රූපවාහිනිය ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයි තමා  විශ්වාස කරන බවයි.

    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතාගේ සේවය ඇගයීමද මෙහිදී සිදු කෙරුණි. හිටුප සභාපතිවරයා යටතේ , ඉතිහාසයේ පලමු වතාවට කෘතිම බුද්ධිය යටතේ ප්‍රවෘත්ති කියවීමේ හැකියාව ජාතික රූපවාහිනියට ලැබුණු බවත් , රූපවාහිනිය තුළ සිටින නිර්මාණාත්මක් හැකියාවන් දියුණු කිරීමේ අවස්ථාව උදා කර දුන් බවත් අමාත්‍යවරයා කීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
    මෙම ආයතන භාර ගන්න විට ඉතා නරක ලෙස කඩා වැටී තිබුණා.2015 සිට පවත්වාගෙන ඇවිත් තිබුණේ රජයේ මුදල් ලබා දෙමින්. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්වය තවත් වැඩි වුණා.
    මෙම ආයතන ගෙන යාම පිළිබඳ ඇති වූ තත්වය මත එම ආයතන වල වගකීම භාර දීම වෙනස් කළා. ඒ අනුව තමයි රූපවාහිනී සංස්ථාවට ප්‍රසාද් සමරසිංහ මහතා නව සභාපතිවරයා ලෙස පත් කළේ.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා,ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්  අනූෂ පැල්පිට මහතා ඇතුළු, මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya