ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විභාග ප්‍රතිඵල සමාජ මාධ්‍යයන්හි පළකිරීමෙන් වලකින්න

    ජූනි 03, 2024

    තම උසස්පෙළ ප්‍රතිඵල සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කිරීමෙන් වලකින්නැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති  මහාචාර්යය සම්පත් අමරතුංග මහතා පවසයි. මහාචාර්යවරයා මේ බව පැවසුවේ,අද(03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    වැඩිදුරටත් අදහස් දැක් වු මහාචාර්යවරයා සදහන් කළේ,තම විභාග ප්‍රතිඵල මුහු‍ණු පොතේ (facebook) පළකිරිමේ දි විභාග අංකය වෙතන් අයෙකුට ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි. එම තොරතුරු භාවිතා කරමින්   විශ්ව විද්‍යෘල ප්‍රවේශය සදහා වෙනත්  අයෙකුට එම අයදුම්පත පිරවිය හැකි  බවත්, එසේ වුහොත් විශාල කාල පරාසයකින් පසුව සමස්ත පරිගණක ක්‍රමවේදය වෙනස් කිරිමකින් පසුව  නීත්‍යානුකුල අයිතිකරුට  එම ප්‍රවේශය ලබා ගැනීමට සිදු වන බවයිි.

    එවැනි සිදුවීම් වලක්වා ගැනීම සදහා මෙම උපදෙස් ලබාදෙන බව   මහාචාර්යය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya