ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ අඩුවීමක්

    ජූනි 03, 2024

    ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. ඉදිරිදින කිහිපයේදී  දිවයිනේ නිරිත දිග කොටසේ තැනින් තැන වැසි තත්ත්වයක් නිර්මාණය වියහැකි අතර එම වැසි ප්‍රභල වැසි නොවන බවත් එම වැසි මි.මී.50-75 අතර අගයක් ගනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    පවතින ආපදා තත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    ඒ අනුව, ජනතාවට අහිතකර බලපෑමක් එමඟින් සිදු නොවනු ඇති බවත්, වර්ෂාපතන සමඟ සුර්යාලෝකය ද පතිත වන අවස්ථා ද විය හැකි අතර දිවයිනේ අනිකුත් පළාත් වල යහපත් කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බවත් හෙතෙම පැවසිය.

    එහෙත් අතරින් පතර සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් නිර්මාණය විය හැකි බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විශ්ලේෂණ වලට අනුව අධික වර්ෂාපතනය ක්‍රමක්‍රමයෙන් අඩු වීමක් අපේක්ෂා කරන අතරම, බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත් වල මෝසමට සාපේක්ෂව ඉදිරි දින කිහිපය තුළ වර්ෂාව දක්නට ලැබෙන නමුත් එය අධික වර්ෂාපතනයක් නොවන බවත්, එමඟින් ජනතාවට අහිතකර බලපෑමක් ඇති නොකරන බවත් මෙහි දී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    එමෙන්ම, අනිකුත් පළාත් වලත් සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි තත්ත්වයක් ඇති විය හැකි අතර අහිතකර ලෙස ගංවතුර ඇති වීමේ තත්ත්ව නැවත ඇති වන්නේ නම් දින 07ක් 10 ක් ඇතුළත සිදු කරන විශ්ලේෂණ අනුව කිව හැකි බවත්, එසේ වන්නේ නම් අනිවාර්යෙන් ජනතාව දැනුවත් කරන බවත්, ලංකාවට ලැබෙන වර්ෂාපතනය පිළිබඳව කල් ඇතිව ප්‍රකාශ කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya