ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීමට සහ හානියට පත් යටිතල පහසුකම් පිළිසකර කිරීමේ ක්ෂණික වැඩපිලිවෙලක්

    ජූනි 04, 2024

    නිරතදිග මෝසම් තත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීමට සහ හානියට පත්ව ඇති පොදු යටිතල පහසුකම් යළි ප්‍රකෘති තත්වයට පත් කිරීමේ ක්ෂණික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කල  යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

    මෙවර නිරිතදිග මෝසම් තත්වය සක්‍රී වීමත් සමග අනපේක්ෂිත ලෙස වර්ධනය වී තිබෙන කාලගුණ විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකම අධික වර්ෂාව හේතුවෙන් නාය යෑම්, ගස් කඩා වැටීම්, ගංවතුර මෙන්ම් පොදු යටිතල පහසුකම් පද්ධතිවලට දැඩි හානි සිදු වීමෙන් පවුල් දහස් ගණනක් තාවකාලිකව අසරණ භාවයට පත්ව ඇත. 

    ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සහය ලබාගනිමින් අනෙකුත් අමාත්‍යංශ වල දායකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි බලපෑමට ලක්ව ඇති පවුල් සඳහා සහන සැලසීමට ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමි වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya