ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    තුන්වැනි වරටත් බලයට පත් වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මැති සබයේ සුබ පැතුම්

    ජූනි 05, 2024

    තුන්වැනි වරටත් පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදයෙන් අග්‍රාමාත්‍යධූරයට පත් වූ  ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝදි මහතාට සුබ පැතුම් පිරිනමන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදයේ පියා ලෙස සැලකෙන, සහ ලෝකයේ ප්‍රධානතම ජනගහනයක් නියෝජනය කරන ඉන්දියාවේ අග්‍රාමාත්‍යධූරය මෝදි අගමැතිවරයාට හිමි ව ඇති බවත්එම ජයග්‍රහණය තුළින් නව ජයග්‍රහණයන් උදා කිරීමටත්, සාමය සහ සංවර්ධනයේ නව ඉලක්ක ලෝකයාට දායාද කිරීමට හැකි වනු ඇතැයිද හෙතෙම පැවසීය.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර   ඇති දිගුකාලීන සහයෝගිතාවය මෙම අවස්ථාවේ සිහි කරන බවත්  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති අනෝන්‍ය බැඳියාවන් වර්ධනය කර ගැනීමට  හැකියාව ලැබෙනු ඇතැයි‍ තමා විශ්වාස කරන බවදහෙතෙම පැවසීය.

    තුන වතාවක් පිට පිට අග්‍රාමාත්‍යධූරයට පත් මොදි අගමැතිවරයාට සහ භාරතීය ජනතා පක්ෂය ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට (NDA) සුබ පැතුම් පිරිනමන බව මෙම අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසහ මහතා පැවසීය. නේරු අග්‍රාමාත්‍යවරයාට පසු මෙලෙස තුන් වතාවක් ජයග්‍රහණය කළ එකම අගමැතිවරයා මෝදි අගමැතිවරයා බවද විපක්ෂනායකවරයා කීය.  ලෝකයේ ජනගණයෙන් වැඩිම රට වන ඉන්දියාවට  ලෝක ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර නියෝජනත්වයක් ලබා දිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන් මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ ආශිර්වාදය ලැබෙන බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya