ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පළාත් පාසල් වල 60%කට වැඩි ගුරුපුරප්පාඩු පුරවා අවසන් - අධ්‍යාපන ඇමති

    ජූනි 05, 2024

    පළාත් පාසල් සඳහා ගුරුවරුන් බඳවා ගැනීම පසුගිය මාසයේ ආරම්භ කළ බවත්, මේ වන විට පළාත් පාසල් වල 60%කට වැඩි ගුරු පුරප්පාඩු පුරවා අවසන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී  අද(05) ප්‍රකාශ කළේය.

    කුරුණෑගල සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය

    පළාත් පාසල් වල ගුරුවරු බඳවාගැනීම සම්බන්ධයෙන්  අභියාචනාධිකරණයේ පනවා තිබූ නඩුව ප්‍රමාද වීම නිසා මෙලෙස බඳවාගැනීම් ප්‍රමාද වූ බව හෙතෙම පෙන්වා දුන්නේය. ජාතික පාසල් වල ගුරුවරු බඳවා ගැනීම සඳහා විභාගය පවත්වා ඇති බවත් ඉදිරි සති දෙක තුළදී එම කටයුතු අවසන් කළ හැකි බවද කීය.

    ජාතික පාසල්වලට ගරුවරු බඳවා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇති නඩුව ප්‍රමාද වීම නිසා ජාතික පාසල් ගුරුවරු බඳවා ගැනීම ප්‍රමාද වී ඇති බවයි. විභාගය පැවැත්වීම අත්හිටුවා මේ වන විට මාස 15ක් ගතවී ඇතැයිද හෙතෙම පැවසීය.

     වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, ගුරු සේවා ව්‍යවස්ථාවේ තිබෙන්නේ උපාධිධාරින් බඳවා ගැනීමේදී විභාගයක් පවත්වා  එම ලකුණු මට්ටම අනුව ගුරුවරු බඳවා ගන්නා ලෙසයි. අපි 1985 දී විද්‍යාපීඨ පටන් ගත්තා. අද වන විට විද්‍යාපීඨ 19ක් තිබෙනවා.  මේ සඳහා බඳවා ගන්නේ උසස්පෙළ z අගය මතයි.මෙම විද්‍යාපීඨ 19 එකතු කර , ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්ව විද්‍යාල සෑදීමට අදාළ කෙටුම්පත මේ වන විට සකස්  කරමින් සිටින බවද අමාත්‍යවරයා කීය. ගුණාත්මක ගුරුවරයෙක් පාසලට ලැබෙන තුරු අධ්‍යාපනය සකස් කළ නොහැකියි. මේ ස්වේච්ඡා කියන කතා ව අරන් මෙම කටයුත්ත සිදු කළ නොහැකියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya