ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආපදා තත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 71ක් - කඳු ආශ්‍රිතව බොහෝ නිවාස ඉදිකිරීමේදී නිසි අවසරය ලබා ගෙන නැහැ

    ජූනි 05, 2024

    පසුගිය දිනවල ඇති වූ ආපදා තත්වය හේතුවෙන්,  අද වන විට පූර්ණ නිවාස හානි 71ක්  සහ අර්ධ නිවාස  9177ක්  හානියට පත්ව ඇති බවත්, කඳු ආශ්‍රිතව බොහෝ නිවාස ඉදිකිරීමේදී නිසි අවසරය ලබා ගෙන නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

     පවතින ආපදා තත්වය හේතුවෙන් වන්දි මුදල් ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා අග්‍රාමාත්‍යවරයාට යොමුකල වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    අද වන විට පූර්ණ නිවාස හානි 71ක්  සහ අර්ධ නිවාස  9177ක්  මධ්‍ය පරිමාණ ව්‍යාපාර 821ක් සහ යටිතල පහසුකම් 63ක් හානියට පත්ව තිබෙනවා.  කඳු ආශ්‍රිතව ඉදි කළ නිවාස බොහොමයකට නිසි අනුමැතිය අරන් නැහැ. මෙම නිවාස අනවසර ඉදිකිරීම් ගණයට යටත් වෙන්නේ. නිවාස 15,000ක් හදන්න ඔින. සමහරු මේ නිවස අරන් පරණ නිවස අත හරින්නෙත් නැහැ. එසේ කරන අයට විරුද්ධව නීති මගින් කටයුතු කරනවා. ඉදිරියේදී සහන ලබා දීමේදී මෙම අනවසර ඉදිකිරීම්  පිළිබඳව විශේෂයෙන් සලකා බැලීමට සිදු වනබවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    ආපදා තත්වය හේතුවෙන් අද වන විට ජීවිත හානි 30ක් වාර්තා වී ඇතැයිද  රාජ්‍ය අමාත්‍යවරයා කීය. ජීවිත හානි සිදු වූ පවුල් වලට රුපියල් 25,000ක වන්දි මුදලක් මේ වන විට ලබාදී ඇති බවත් තවත් වන්දි මුදලක් ලබා දීමට බලාපොරොත්තු වන බවද කීය. ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල් ප්‍රමාණය තවමත් ගණනය කරමින් සිටින බැවින් එම මුදල තවම කිව නොහැකි බවද කීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් පසුගිය සඳුදා යොමු කළ  බවද ඒ අනුව මහා භාණ්ඩාගාරයෙන් අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට උපදෙස් ලබා දී ඇතැයිද කීය ඒ අනුව දැනට පවතින චක්‍රෙල්ඛයේ දෛනිකව අහාර සඳහා ලබා දෙන මුදල 33%කින් වැඩිකර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    ආපදාවට ලක් වූ පුද්ගලයින් සඳහා ආහාර ලබා දීමේ ක්‍රමවේදය වෙනස් කල බවත්,  මුලින් ආපදා මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින්ට පමණක් ආහාර ලබා දුන්නද නිවෙස් වල උඩු මහල් වල සිරවී සිටින පුද්ගලයින්ට එම ස්ථාන වලටම ගොස් ආහාර ලබා දුන් බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya