ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ස්වාධීන රූපවාහිනී සේවයේ 45 වන සංවත්සරය අදයි

    ජූනි 05, 2024

    ස්වාධීන රූපවාහිනී සේවයේ 45 වන සංවත්සරය  අදට යෙදී තිබේ.ස්වාධීන රූපවාහිනියේ 45 වන සංවත්සරය වෙනුවෙන්  අද දිනයේ විශේෂ වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබේ.

    ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) 1979 අප්‍රේල් 13 වැනි දින සිට විකාශන කටයුතු ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ පුරෝගාමී රූපවාහිනී චැනලය ලෙසින් සැලකේ. ස්වාධීන රූපවාහිනී නාලිකාව අයත් සමාගම වූ ITN, 1979 අප්‍රේල් මස මෙහෙයුම් ආරම්භ කළේ පුද්ගලික අංශයේ සමාගමක් ලෙසින් වුවත්, ස්වාධීන රූපවාහිනී ජාලය 1979 ජූනි 5 දිනැති අංක 39/04 දරණ රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් රජයට පවරා ගන්නා ලදී. 

    එදා සිට අද දක්වා ස්වාධීන රූපවාහිනී සේවය මෙරට ජනතාවට උසස් රසවින්දනය , නිවැරදි පුවත් වාර්තාකරණය , පුළුල් අධ්‍යාපනයක්  දායාද කරමින් දේශීය   සංස්කෘතිය හා සභ්‍යත්වයට කිසිදු හානියක් නොකරමින් වගකීම්සහගත මාධ්‍ය කලාවක නිරත වෙයි.‍ෙ

    අදට යෙදෙන  45 වැනි සංවත්සරය වෙනුවෙන් වික්‍රමසිංහ පුර ආයතන පරිශ්‍ර යේදී අද රාත්‍රියේ පිරිත් දේශනයක් පැවැත්වෙන අතර,  මහා සංඝයා වහන්සේ උදෙසා හෙට උදෑසන දානය පිළිගැන්වීම ද සිදු කෙරේ.

    .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya