ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලබා දුන් උපදෙස් එලෙසම ක්‍රියාත්මක වනවා දැයි බලන්න සෞඛ්‍ය ලේකම් අවතැන් කදවුරු වලට යයි

    ජූනි 05, 2024

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ දින (04) පස්වරුවේ කඩුවෙල ප්‍රදේශයේ අවතැන් කදවුරු වල විශේෂ නිරීක්ෂණයක නිරත විය.

    කඩුවෙල, සංඛපිටිය රජමහා විහාරයේ සහ කඩුවෙල කොතලාවල මහා විද්‍යාලයේ ස්ථාපිත කර ඇති තාවකාලික අවතැන් කදවුරු වෙත ගිය ලේකම්වරයා ජනතාවගේ පානීය ජලය, ආහාර සහ සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය තත්වය පිළිබදව පෞද්ගලිකවම විමසා බලන ලදී.

    ජනතාවට ජානීය ජලය ලබා දෙන ක්‍රමවේදය විධිමත් කිරීමටත්, නිරන්තරයෙන් මෙම අවතැන් ජනතාවගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සදහා සෞඛ්‍ය කදවුරු පවත්වා අවශ්‍ය ඖෂධ ලබා දෙන ලෙසටත්, සියලුම අවතැන් කදවුරු ධූමායනය කිරීමටත් පියවර ගන්නා මෙන් සෞඛ්‍ය ලේකම්වරයා කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා හට මෙහිදී උපදෙස් දෙන ලදී.

    එමෙන්ම කදවුරු වල වෙසෙන ජනතාවට ලබා දීම සදහා ආහාර පිලියෙන කරන ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂා කරමින් ආහාර පිලියෙල කරන පිරිස දැනුවත් කිරීමටත්, පිරිසිදු ආහාර වේලක් සකසා ගැනීම සදහා ඔවුන් දැනුවත් කරන ලෙසටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී උපදෙස් දෙන ලදී.

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලබා දී ඇති උපදෙස් මත ආපදාවට පත් ජනතාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමණාකරණ ඒකකය මගින් විශේෂ ආපදා සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සදහා විශේෂ සාකච්ජාවක් පසුගිය දින සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙරට ආපදාවට පත් ප්‍රදේශ වල සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක විය යුතු  ආකාරය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් මාලාවක් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලබා දීමට එහිදී කටයුතු කර තිබුණි.

    මෙම විශේෂ නිරීක්ෂණයට වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී  වෛද්‍ය අසංක වෙදමුල්ල යන මහත්වරුන් ද,  කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක් විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya