ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මල් වගා ක්ෂේත්‍රය අපනයන කර්මාන්තයක් කරා වැඩි දියුණු කිරීමට මූලික සැලැස්මක්

    ජූනි 05, 2024

    මල් වගා ක්ෂේත්‍රය අපනයන කර්මාන්තයක් කරා වැඩි දියුණු කිරීමේ උත්සාහයට මූලික සැලැස්මක්  සකස් කරමින් සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න යටතේ පා.ම. සුදර්ශන දෙනිපිටිය  මහතා විමසූ උද්භිද උද්‍යාන පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

    මෙරට මල් අපනයනය ගැන විමසීමේදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, සිය චීන සංචාරයේදී මේ ගැන හොඳින් සොයාබැලූ බවත්, වසර 10ක් ඇතුළත චීනය ලොව මල් අපනයනකරුවන් අතරින් 3 වන ස්ථානයට පැමිණ ඇති බවය.මෙරට අපනයනය සඳහා මල් වගාවට ඉඩම් නිදහස් කිරීමටද රජය සූදානම් බවත්,  පෞද්ගලික අංශයට අපනයනය සඳහා පිවිසෙන්න හැකි ආකාරයේ තීරණයක්ද රැගෙන ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අගැමතිවරයා මෙසේද පැවසීය,

    "අදාළ දෙපාර්තමේන්තුව හා අදාළ ආයතනයට යොමු කරලා සාකච්ඡා කරලා තිබෙනවා.  චීන සංචාරයේදී මේ පිළිබඳව සොයා බැලුවා. චීනය අද තුන්වෙනි ස්ථානයට පැමිණ තිබෙනවා අවුරුදු දහයක් ඇතුළතදී මල් අපනයනය කිරීම සම්බන්ධව. චීනයේ මල් වෙන්දේසි මධ්‍යස්ථානයට ඔබතුමාත්, මන්ත්‍රීවරු ගණනාවක් ගොස්, ඒ පර්යේෂණකරුවන්ද ලංකාවට පැමිණ තිබෙනවා. ඒ නිසා කන්ද උඩරට විශේෂයෙන් බදුල්ල, නුවරඑළිය, මහනුවර රත්නපුර වැනි දිස්ත්‍රික්කවල මේ ක්ෂේත්‍රයට ඇතුළත් වීම සඳහා සාකච්ඡාවන් කර ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයට පරිවර්තනය කරන්න සුදානම්. මේ  ක්‍රියාවලිය අපි සාර්ථක කරගන්න ඉඩම් නිදහස් කිරීමටද රජය සූදානම් බව පෞද්ගලික අංශයට අපනයනය සඳහා පිවිසෙන්න තීරණයක් අරන් තිබෙනවා. එය ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේත් ඒ ප්‍රදේශය  හැටියට සුවිශේෂ වැදගත්කමක් මේ පිළිබඳව දක්වලා තිබෙනවා. ඒ කාලේ ඉඳන් කොළඹට නැත්නම් කොළඹ ඉඳලා අපේ නිශ්චිත විදේශ රටවලට ගමන් කරන්න කැමති අයත් මල් අරන් යන්නේ එක්කෝ බණ්ඩාරවෙලින්, එක්කෝ නුවර එළියෙන්. එක රාත්‍රී කාලයකදී මුළු කෝච්චියක් එනවා කොළඹට. දුම්රියක්. ඒ තරම් දියුණුව තිබෙන මේ ක්ෂේත්‍රය අපනයන ක්ෂේත්‍රය කරා වඩා දියුණු කිරීමට ඒ  උත්සාහයට මූලික සැලැස්මක් සකසමින් තිබෙනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya