ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සදහා සියලු රාජ්‍ය ආයතනවලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පත් කෙරේ

    ජූනි 06, 2024

    ඉදිරියේ දි ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සදහා සියලු රාජ්‍ය ආයතනවලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පත්කිරිමට නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.ඊයේ (05) පැවති ගම්පහ දිස්ත්‍රික්කය හා ගම්පහ නගරය ජලයෙන් යටවිම වැළැක්විමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ සාකච්ඡාවේ දී මේ  බව තීරණය විය.

    ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා  ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සැලසුම්) ඉංජිනේරු කේ.එච්. කීර්තිරත්න මහතා විසින් තෙවැදෑරුම් වැඩපිළිවෙලක් මෙහිදී ඉදිරිපත් කළේය.

    මෙම තෙවැදෑරුම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීම පත්කරගත් ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවට පැවරීමට මෙහිදී තීරණය කෙරුණි. එම කමිටුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, මහා මාර්ග අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතනවලින්සමන්විත වේ. කෙටි කාලීන, මධ්‍යකාලීන දිගු කාලීන ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

    මෙම තෙවැදෑරුම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ වගකීම පත්කරගත් ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවට පැවරීමට මෙහිදී තීරණය කෙරුණි. එම කමිටුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, මහා මාර්ග අමාත්‍යාංශය,ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතනවලින් සමන්විත වේ. කෙටි කාලීන, මධ්‍යකාලීන දිගු කාලීන ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

    පසුගිය දිනවල ඇද වැටුණු අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරයට බලපෑ ගංවතුරෙන් පවුල් 19,860ක සාමාජිකයන් 80,411ක් පීඩාවට පත්ව තිබේ. පවුල් 527ක පුද්ගලයින් 21,478ක් ආරක්ෂිත ස්ථාන 5ක යොමු කොට ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය. ඔහු කියා සිටියේ ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමට ආපදා කළමනාකරණ ඒකකය හා ත්‍රිවිධ හමුදාව පොලිසිය, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන කටයුතු කරමින් සිටින බවයි.

    ගම්පහ නගරයේ කාණු පද්ධතිය හා ඇල මාර්ග පද්ධතිය අවහිරවන ලෙසඅනවසර ඉදිකිරීම් රැසක් සිදුකර ඇති බව ගම්පහ නාගරික කොමසාරිස්වරිය මෙහිදී සඳහන් කළාය. ඇය පවසා සිටියේ කාණු පද්ධතිය අවහිර වී ජලය ඉක්මනින් බැස නොයාම ගම්පහ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වූ බවයි.

    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya