ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසා අයි.සී.සී යට ලිපියක්

    ජූනි 07, 2024

    T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසා අයි.සී.සී ආයතනයට ලිපියක් යොමු කළ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද(07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ගුවන් යානයක ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැය 07ක් රැඳී සිටීමට සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් සිදුකළ බව ද හෙතෙම පැවසීය. T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමාදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා  මෙසේ පැවසීය.
    ලංකාවේ කණ්ඩායමට ෆ්ලයිට් එකක් නැති වුණා කියන එක තමයි මෙතනනදි කියන්නේ. නමුත් මෙතනදි ලංකාවේ කණ්ඩායම විතරක් නොවෙයි, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් වලටත් , ෆ්ලයිට් එකක තාක්ෂණික දෝෂණයක් නිසා පැය 07ක් මෙලෙස ගුවන්තොටුපළේ රැඳී සිටීමට සිදුවුණා. එක එක රටවලට අමෙරිකාවේදී  වෙනස් විදියට සලකලා තිබෙන්නේ. අර්බුද රාශියක් මැද තමයි ලෝක ක්‍රිකට් ආයතනය අමෙරිකාවේ මෙම තරගය පවත්වන්නේ. අර්බුද රාශියක් මැද තමයි මෙම ක්‍රිකට් තරගාවලිය ඇමරිකාවේ පවත්වන්නේ. ඇමරිකානු ක්‍රිකට් ආයතනයත්  අයි.සී.සී ආයතනයෙන් තහනම් වෙලයි තිබෙන්නේ. ඒ වුන්ත මැච් එක ගහනවා.

    මමත්  මගේ වියදමින් මෙම තරගය බලන්න ගියා. බුක්ලින් මැරියට් එකේ තවත් කණ්ඩායම් දෙකක් හිටියා.  ක්‍රීඩාංගනය සහ ක්‍රීඩකයන් සිටිනා හෝටලය අතර දුර විනාඩි 45ක දුරක තිබිය යුතු වුවත් එය පැය 1.5ක් තරම් විශාල දුරකින් පිහිටා  තිබුණේ. නිව්යෝක් වල තිබෙන ට්‍රැෆික් එක නිසා තමයි මෙලෙස සිදු වෙලා තිබෙන්නේ. පිට්ටනිය පවා නුසුදුසු පිට්ටනියක්.  අපි හිතනවා අද රෑට තිබෙන තරගයේදී ක්‍රීඩකයින් පණ ගැන්විලා එයි කියලා. නමුත් මේ තරගයේ දැනට යන අඩුම ටිකට් එක රුපියල් 3000යි. ඉන්දියා කණ්ඩායම ඉන්නේ පිට්ටනියේ ලගම තිබෙන හෝටලයක. අපි තරගය පැවැත්වීමට සති තුනකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අමෙරිකාවට යැව්වත් , මේ සම්බන්ධයෙන් සොයා බලා නැහැ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පරික්ෂණයක් සිදු කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya