ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරයි.

    ජූනි 07, 2024

    ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය පවසයි.

    ඇය වැඩිදුරටත් පැවසුවේ, බාහිර වාණිජ ණයහිමියන් සමඟ සිදු කෙරෙන සාකච්ඡා මගින් නිල ණය හිමියන් සමඟ ගිවිසුම්වලට එළඹීමට සහ ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුම් (MOUs) ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

    මේ වන විට දේශීය ණය මෙහෙයුම් බොහෝ දුරට සම්පූර්ණ කර ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් පවතී.

    ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිය ශක්තිමත් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ගේ මෙම ධනාත්මක ප්‍රතිඵල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශය මඟීන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ සාර්ථකත්වය පිළිබඳ විශ්වාසය වැඩි කරනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya