ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යාමේදී , අවශ්‍ය අනපනත් සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය ස්ථාවරත්වය ආණ්ඩුව සතුව තිබෙනවා

    ජූනි 07, 2024

    2022 වර්ෂයේ රටේ  තිබූ  ආර්ථික තත්වය 2024 මැයි මාසය වන විට නොමැති වීම  අද විපක්ෂයේ ප්‍රධාන ගැටලුව වී ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(07) පාර්ලිමේනේතුවේදී පැවසීය.

    ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යාමේදී , අවශ්‍ය අනපනත් සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය ස්ථාවරත්වය ආණ්ඩුව සතුව ඇතැයිද  රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
    මෙරට දේශීය සහ විදේශීය ණය සම්බන්ධයෙන්  අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, 2023 දෙසැම්බර් 31 වනදා වනවිට මෙරට දේශීය ණය රුපියල් බිලියන 17,051 වූ බවත් එය 2024 මාර්තු 31 වනදා වනටිට රුපියල් බිලියන 17,252ක්  බවයි.
    එසේම බාහිර ණය ඩොලර් බිලියන 37ක් ලෙස දැක්වෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.2022 අප්‍රේල් සිට නොගෙවූ බාහිර ණය වාරික වල වටිනාකම වූ ඩොලර් බිලියන 5.5ක් ද ඊට ඇතුළත් ය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,  ආර්ථික අර්බුදය නිම වී නැවත මේ රට ආර්ථික වර්ධනයක් කරා ගමන් කරමින් ඇති බවත්,මීට වසර කිහිපයකට පෙර සිදු කල යුතුව තිබූ ප්‍රතිසංස්කරණ රාශියක් මේ වන විට සිදුකරමින් පවතින බවයි.
    අපේ රටේ ණය තිරසර භාවයක් නොමැති වීම නිසා ගැටලු රැසක් ඇති වූ බවත්, නැවත ණය තිරසරභාවයක් ඇති කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.  අද ඉදිරිපත් කරන රාජ්‍ය ණය කළමනාකරණ පනත තුළින් බලාපොරොත්තු වන්නේ  අපේ රටේ මෙතෙක් පැවති ණය කළමනාකරණ ක්‍රමවේදය වෙනස් කරමින් එක් කේන්ද්‍ර ගත තැනකට  ණය කළමනාකරණයේ වගකීම ලබා දෙමින්,  මින් ඉදිරියට නැවත ණය තිරසරභාවයක් ඇති නොවන පරිදි රට කළමනාකරණය කිරීම බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
    අපි  අද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන එකගතාවයන් කිහිපයකට එකගතාව පළ කර තිබෙනවා. මේ වන විට රට තුළ සාර්ථකව එකගතාවයන් ක්‍රියාත්මක වෙනවා.
    අපේ රටේ ණය ප්‍රමාණය 2022 වසරේදී  දළ දේශීය නිෂ්පාදිතයෙන් 128% ක් පමණ වන අතර ණය පුතිව්‍යුගතකරණ වැඩ සටහන යටතේ එය 2032 වන විට 95% දක්වා අඩු කර ගැනීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව  දැනට 35% ක් පමණ වන රජයේ දළ මුල්‍යන අවශ්‍යතාවය 2027 සිට 2032 දක්වා කාලය තුළ දී  දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 13%කට වඩා අඩු අගයක පවත්වා ගැනීම සහ දැනට 9.4%  ක් පමණ වන මධ්‍යම රජයේ විදේශීය ණය ගෙවීම් 2027 සිට 2032 දක්වා යන කාලයේදී ඕනෑම වසරක් තුළ දළ දේශීය නිශ්පාදිතයෙන් 4.5%කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම ණය ප්‍රතිව්‍යුගතකරණය මගින් අපෙක්ෂා කරයි.
    මෙම ප්‍රධාන කාරණා 03 මත තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම සහයෝගය ලබා දී තිබෙන්නේ. රජයේ වගකීම තමයි මින් පෙර පැවති අර්බුදයට නොයන පරිදි රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීම.
    ණය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විට රටතුළ ක්‍රියාත්මක වෙනවා. රට පිළිබඳ විශ්වාසයක් රට තුළ සහ ජාත්‍යන්තරය තුළ ගොඩනැගෙමින් තිබෙනවා.
    ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී එහි අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය, ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ දෙවන සාකච්ඡාව ජූනි 12 පැවැත්වෙනවා. එය අපේ රටට ඉතා වැදගත්. පෙන්වා තිබෙන කැප කිරීම මත තුන්වෙනි වාරිකය නිදහස් කර ගැනීමේ කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැති බවට විශ්වාසයක් රජයක් හැටියට අපට තිබෙනවා.


    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සාකච්ඡාව යද්දිත් විපක්ෂයට ඒ පිළිබඳව සාකච්ඡාවක් ලෑස්ති කළා. නමුත් විපක්ෂය එය මගහැරියා. ඊයේ  සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ යන විපක්ෂයේ සිටින පක්ෂ දෙකටම බැරිවුණා තමන්ගේ වැඩපිළිවෙළ කුමක්ද කියා රට හමුවේ කියන්න.  මේ රටේ ආර්ථිකයත් එක්ක සෙල්ලම් කරන් අපි කාටවත් බැහැ.  අද වන විට ජාත්‍යන්තරය මීට සහයෝගය ලබා දී තිබෙනවා.
    වැඩ පිළිවෙළක් නොමැති කණ්ඩායමක් තම දේශපාලන අරමුණු වෙනුවෙන් බොහෝ මහන්සි වෙන බවත් නමුත් එම දේශපාලන පක්ෂ වල මාර්ගය ජනතාවට පැහැදිළි කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති බවත්  තිබෙනවා. අවසානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගිය වැල් පාලමේ ඔවුන්ටද ගමන් කිරීමට සිදු වී තිබෙනවා.

    අපි දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් නොවේ  ජනාධිපති රනිල් වික්‍රමිසංහ මහතාට සහාය ලබා දුන්නේ. අපි රටක් හැටියට අසීරු තීන්දු ගත්තා. දේශපාලන වශයෙන් මීට පෙර නොගත් තීන්දු ගත්තා

    මේ තත්වයට රට ගේන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මේ රටේ සියලු ජනතාව විශාල කැපවීම් කළා. ජනතාව දුන් සහයෝගය අපි නිරන්තරයෙන් අගය කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya