ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පාරිභෝගික අධිකාරියේ පුරප්පාඩු වී පවතින විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරනවා - වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු

    ජූනි 07, 2024

    පාරිභෝගික අධිකාරියේ පුරප්පාඩු වී පවතින විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද(07) පා‍ේලිමේන්තු‍ේදී පැවසීය.පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් රටටම සිටිනුයේ 277 ක් පමණක් බවත් ඇමැතිවරයා පැවසීය. එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවත් නව බඳවා ගැනීම් සිදු කරන අතර ඒ සඳහා අවශ්‍ය පියවර ඉදිරි මාසය තුළදී ගන්නා බවත් ඇමැතිවරයා කීය.

    ඉන්ධන ඇතුළු භාණ්ඩවල මිල අඩු වෙමින් තිබෙන විට එහි වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බවට ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. පුළුල් වූ වෙළඳපොළක් රට තුළ තිබීම නිසා පාරිභෝගිකයා අසාධාරණයට ලක් වන බවත් ආර්ථික පරිහානිය සහ කොවිඩ්වලින් පසුව වෙළඳුන් අධික ලාභයක් ලබන්න ක්‍රියා කළ බවත් ඇමැතිවරයා පැවසුවේය.
    පාරිභෝගික පනත වසර 20 ක් පමණ සංශෝධනය කර නොමැති බවත් දැනට පවතින පනත වෙනස් කර කැබිනට් අනුමැතිය ගෙන නීතිවරයාට මේ වන විට යොමු කර ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya