ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වැටුණු රටක් ගොඩනැඟිය හැකි බවට ප්‍රායෝගිකව තහවුරු කරමින් නැවත බංකොළොත් නොවන තත්ත්වයට රට පත් කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා

    ජූනි 07, 2024

    වැටුණු රටක් ගොඩනැඟිය හැකි බවට ප්‍රායෝගිකව තහවුරු කරමින් නැවත බංකොළොත් නොවන තත්ත්වයට රට පත් කළ නිදහසෙන් පසුව ලංකා ඉතිහාසයේ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ගෞරවයෙන් යුතුව මතක් කරන්නේ යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  අද(07) පාර්ලිමේන්තුවේදී පැවසිය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ අරමුදලකට අත්සන් කර රටට හුස්ම ගත හැකි තත්ත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයාට හැකි වූ බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
     වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    2003 අංක 03 දරණ මූල්‍ය කළමනාකරණ හා වගකීම් පනත ගෙනාවේ රට බංකොළොත් වීම වැළැක්වීමට. පනතේ කරුණු තුනක් තිබෙනවා. 2006 වන විට ලංකා ආණ්ඩුවේ හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5 ක් විය යුතු අතර ඉනික්බිති ලංකාවේ කවර ආණ්ඩුවක් ආවත් අයවැය හිඟය පරතරය සියයට 5 ට අඩුවෙන් පවත්වාගෙන යා යුතුයි. එහෙම වුණා නම් මෙහෙම ණය ගන්න ඕන නැහැ. එහෙම වුණා නම් රට බංකොළොත් වන්නේ නැහැ. ඒ පනත අච්චු ගහලා සභාවේ සම්මත කළ. 2013 වසර වන විට නොපියවා තිබෙන මුළු රාජ්‍ය බර ප්‍රමාණය අඩු කරන්න ඕන දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 65 ට. එහෙම කළා නම් රට බංකොළොත් වන්නේ නැහැ. එසේ වූවා නම් මීට අවුරුදු 10 කට පෙර 2013 දී සියයට 65 ට අඩු වෙනවා. ණය සඳහා ඇප වීම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4.5 ට වැඩි වෙන්න බැහැ. ඒ නීතිය මේ සභාව සම්මත කළා. ඒ නීතියට අදාළ කරුණු ටික අනුගමනය කළා නම් කවදාවත් ලංකාව ණය ගෙවන්න බැරි තත්ත්වයට එන්නේ නැහැ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නියමිත කාලයට මැතිවරණ පැවැත්වීමට ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් දී තිබෙනවා. මුදල් ඇමැතිවරයා ලෙස මිලියන 10 ක මුදල වෙන් කර තිබෙනවා. ඔක්තෝබර් 17 ට පෙර ජනාධිපතිවරණය නිසැක ලෙසම තිබෙන නිසා ඒ සඳහා උදව් කරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා. පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණත් පවත්වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල අනුව එකඟ වූ දෙයක් තිබෙනවා. සෑම වර්ෂයකම ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගත යුතුයි. ඒ සඳහා පොරොන්දු වෙලා තිබෙනවා. විස්තීරණ ණය ගිවිසුමක් යටතේ 2027 වසර දක්වා ණය නොගෙවා සිටිය හැකියි. තව මාස කිහිපයකින් 2025 වන විට ඩොලර් මිලියන 5018 ක හිඟයක් තිබෙනවා. 2026 දී ඩොලර් මිලියන 3608 ක හිඟයක් ඇති වෙනවා. 2027 දී ඩොලර් මිලියන 3911 ක හිඟයක් ඇති වෙනවා. 2025 වසර ලබන විට අයිඑම්එෆ් පොරොන්දුව වනුයේ ඩොලර් මිලියන 663 ක් දීමට. අයවැය ලේඛනය හදන විට ඩොලර් මිලියන 700 ක් දෙනවා. ලෝක බැංකුව ඩොලර් මිලියන 400 ක් දෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300 ක් දෙනවා. ඩොලර් මිලියන 3656 ක ණය සහනයක් අපට ලැබෙනවා. විපක්ෂ නායකවරයා හෝ රට කරනවා යැයි කියන අයගෙන් අහනවා ඔක්තෝබර් ජනාධිපතිවරයෙක් පත්වෙලා පාර්ලිමේන්තුව පත්ව 2025 අයවැය පැමිණි විට එය සෑදීම සඳහා අයිඑම්එෆ් දෙන ණය මුදල ඩොලර් මිලියන 700 ගන්නවාද නැද්ද. ඇමරිකානු ඩොලර් බිලියන 14 කට මෙරට සංචිත 2027 වන විට වැඩි කර ගත යුතුයි. මේ ගිවිසුම් ප්‍රකාරව ලබන වසර වන විට ඩොලර් බිලියන 8.5 ක් කර ගත යුතුයි. 2026 දී 10.8 ක් විය යුතුයි. 2027 වසරේදී ඩොලර් බිලියන 14.2 කට ජාත්‍යන්තර සංචිත වැඩි කර ගත යුතුයි. රට ජාත්‍යන්තර ලෙස කඩා නොවැටීම සඳහා ණය කළමනාකරණ පනත ඓතිහාසික ලෙස සම්මත කිරීම අපි කරනවා. එහි තිබෙන නීති උල්ලංඝනය කළොත් ඔවුන් රට බංකොළොත් කිරීමට කටයුතු කරන්නන් වෙනවා. ඉදරියේදී කවුරු රට ආණ්ඩු කළත් මේ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya