ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික ශිල්පීන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පත්‍ර පිරිනැමේ

    ජූනි 11, 2024

    ඉතිහාසයේ ප්‍රථම වාතාවට මධ්‍යම ගමනාගමන මණ්ඩලයට සේවා ව්‍යවස්ථාවක් නිශ්චිත ලෙස සම්බන්ධ කර ගැනීමේ එතිහාසික කාර්යභාරය ඉටු කිරීමට හැකි වූ බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ලංකා ගමනාගමන මණ්ඩලය තුළ දීර්ඝ කාලයක් තිස්සේ තාවකාලික හා කොන්ත්‍රාත් පදනම යටතේ තාක්ෂණික අංශයේ විශාල සේවාවක් කළ කාර්මික මහත්වරුන්ට නිසි වෘත්තීය ගරුත්වයක් ලබා දීම මෙහි අරමුණ වන අතර  ලංගම ට විශාල ගැටලුවක්ව තිබු, සුදුසු තනතුරු වලට අවශ්‍ය පුද්ගලයින් නොමැති වීමත්, සිටින පුද්ගලයින්ට සුදුසුකම් නොමැති වීමත් තුළ මෙමඟින් එම ගැටලුව විසඳා ගැනීමට හැකි වූ බව හෙතෙම පැවසීය.

    ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම් සම්පූර්ණ කළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉංජිනේරු අංශ සාමාජිකයින් 240 දෙනකුවෙත NVQ සහතික පත්‍ර ලබා දීමේ වැඩසටහනක් අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි. අමාත්‍යවරයා එහි දී මේ බව ප්‍රකාශ කළේය.

    ඉතාම වටිනා රාජ්‍ය ආයතනයක සේවකයින් බඳවා ගැනීමට තිබිය යුතු සුදුසුකම් ඔවුන්ට බඳවා ගැනීමෙන් පසු ලැබෙන වැටුප්, මෙන්ම රක්ෂාවේ උසස් වීම් ආදිය පිලිබඳ ඉතිහාසය පුරාවටම නිශ්චිත ක්‍රමවේදයක් නොතිබිණි.

    වෘත්තිය සමිති විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද අරගලයකට පසු හිටපු ප්‍රවාහන අමාත්‍යවරුන් හා සම්බන්ධ වී ඉතිහාසයේ ප්‍රථම වාතාවට මධ්‍යම ගමනාගමන මණ්ඩලයට සේවා ව්‍යවස්ථාවක් නිශ්චිත ලෙස සම්බන්ධ කර ගැනීමේ මෙම එතිහාසික කාර්යභාරය ඉටු කිරීමට හැකිව තිබේ.

    මෙම අවස්ථාවෙන් පසු සුදුසුකම් අනුව කාර්මික මහත්වරුන්ට තනතුරක් ලැබී ඇති අතර ඔවුන්ට තනතුරේ රාජකාරි කිරීමෙන් නිසි ලෙස උසස්වීම් ලැබෙන බවත්, එමඟින් වෘත්තීය පිලිබඳ විශ්වසනීයත්වයක් ඇති වන අතර, එමඟින් ජීවිතය පිලිබඳ නව වරදාන වරප්‍රසාද හිමිවන තත්ත්වයක් ඇති වෙන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    නමුත් සේවා ව්‍යවස්ථාවේ දී මෙම වෘත්තීන් පිහිටුවීමට අවශ්‍ය සුදුසුකම් බොහෝ පිරිසකට නොමැති වී ඇති අතර එය එම පිරිසගේ වැරද්දක් නොව එවකට මෙරට පැවති අධ්‍යාපන ක්‍රමයේ යම් යම් අඩුපාඩුකම් නිසා බවත්, මේ වන විට එම දුර්වලතාවයන් ද නිවැරදි කරගෙන නිසි අධ්‍යාපන ක්‍රමය හා බැඳි වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමයක් මේ රටේ ඇති කරලීමට එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටි තමන්ට ඊට මඟ පෙන්වීමට හැකි වූ බව ද ඒ මහතා පැවසීය.

    ඒ අනුව ලංගම වඩා ලාභ ලබන ආයතනයක් බවට පත් කරගැනීමට ඔවුන් ලැබූ පුහුණුව සමඟ මෙම ලබාගත් වෘත්තීය නිපුණත්වය ද යොදාගැනීමට කටයුතු කරන ලෙසත්, රජය, ලංගම, වෘත්තීය සමිති ව්‍යාපාර එක්ව කාර්මික මහත්වරුන් වෙනුවෙන් යුතුකම ඉටු කර තිබෙන අවස්ථාවක වැටී තිබෙන රට ගොඩගැනීමට සේවක පිරිසගේ නොමසුරු දායකත්වය ලබා දෙන ලෙස ද එහි සිටි සේවක පිරිසගෙන් හෙතෙම ඉල්ලීමක් කළේය.

    මෙම අවස්ථාවට හිටපු ප්‍රවාහන අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ, ලංගම සභාපති, ඉංජිනේරු ලලිත්ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක යන නිළධාරීහු බොහෝ පිරිසක් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya