ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පොසොන් සමයේ මිහින්තලයට පැමිණෙන බැතිමතුන්ට ගාස්තු අයකිරීමකින් තොර විශේෂ දුම්රිය සේවාවක්

    ජූනි 12, 2024

    පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    එවකට ජනාධිපතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඉදිකිරීම් කර අත්හැර දමා තිබූ මෙම දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගත් බවත්, මේ වන විට එහි අවසන් අදියර වෙත පැමිණ තිබෙන බවත් ඒ අනුව, අනුරාධපුරයේ සිට මිහින්තලය දුම්රිය නැවතුම්පොළ දක්වා නව  කෙටි දුර ධාවන දුම්රිය මාර්ගයක් ඉදි කර තිබෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    වසර ගණනාවකට පසු සිදුකෙරෙන උතුරු දුම්රිය මාර්ග ප්‍රතිසංවිධාන කටයුතු හේතුවෙන් මෙවර අනුරාධපුරය වන්දනා කිරීමට මඟීන්ට දුම්රිය භාවිතා කිරීමට නොහැකි වන බැවින් ඒ වෙනුවෙන් විශේෂ බස්රථ පමණක් 400ක් අතිරේකව යෙදවීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.

    ඒ අනුව, පොසොන් උත්සවයට පෙර අනුරාධපුරය සිට මිහින්තලය දක්වා වෙනත් ප්‍රවාහන මාධ්‍ය මඟින් පැමිණෙන බැතිමතුන්ට මිහින්තලය වන්දනා කිරීමට ගාස්තු අයකිරීමකින් තොරව විශේෂ දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන බව මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya