ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    Smart Youth Exhibition හෙට(14) ගාල්ලේදී ඇරඹේ

    ජූනි 13, 2024

    ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන Smart Youth 2024 වැඩසටහන  හෙට(14) සහ අනිද්දා (15)  යන දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් මත ජාතික තරුණ  සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනගමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම අරමුණු කර ගෙන පැවැත් වේ.

    මෙම වැඩ සටහන යටතේ දකුණු පළාතේ තරුණ තරුණියන්ට නවීන ලෝකයට ගැලපෙන වෘත්තීය පාඨමාලා, දේශීය සහ විදේශීය අධ්‍යාපන සහ රැකිරක්ෂා අවස්ථා, ව්‍යවසායකත්ව දැනුම සහ ව්‍යාපාර ණය පහසුකම්, සුහුරු කෘෂිකර්මය, පෞරුෂත්ව වර්ධනය සහ නායකත්ව පුහුණුව, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ තාරුණ්‍යය ආකර්ෂණය වන අශ්වාරෝහක සංදර්ශන, යතුරු පැදි සංදර්ශන, මත්ද්‍රව්‍ය නිවාරණය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයින් පුනරුත්ථාපනය සම්බන්ධ වූ වැඩ සටහන්, සෞන්දර්ය සහ කලා කෞශල්‍ය සංවර්ධනය වෙනුවෙන් විශෞෂ පුහුණු වැඩසටහන්, සංචාරක, ඉඩම් සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පහසුකම් සලසාදීමේ සේවා කුටි, පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලු නිරාකරණය දීම සඳහා ක්‍රීඩා ඔම්බුඩ්ස්මන් කෙනෙකු පත් කොට විසඳුම් ලබා දීම, ප්‍රදේශයේ පාසැල් සම්බන්ධ කොට ගත් තූර්ය වාදක තරඟ සහ නර්තන වැඩ සටහන්, කුඩා දූ පුතුන්ට සහභාගී විය හැකි සැණකෙළි භූමි පරිශ්‍රය, තාරුණ්‍යයේ දක්ෂතා උරගා බලා රුපියල් මිලියන ගණනින් මුදල් ත්‍යාග දිනා ගැනීම ඇතුළු අවස්ථා රැසක් උදා කර දී තිබේ.

    ඊට අමතරව ජනකාන්ත සහ ජනප්‍රිය තරු පිරිවරා ගත් මහා සංගීත ප්‍රසංගයක් ජූනි 15 වැනිදා රාත්‍රී 8.00 සිට පැවැත් වෙන බව ද සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පවසයි.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya