ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සරසවි අනධ්‍යන සේවක වැටුප් ගැටලුව විසඳීමට ලිඛිත පොරොන්දුවක් - අධ්‍යාපන ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

    ජූනි 18, 2024

    විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන්ගේ වැටූප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරාය සමග අද සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී  වැටුප් ගැටලුව විසඳීම සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් ලබා දීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්  අද (18) පාර්ලිමේන්තුවේදී යොමු කළ ගැටලුවකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ බව පැවසීය.

    විශ්වවිද්‍යාල අනධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණ්ඩලවලට 2018 වසරේදී වැටුප් වැඩි වීමක් දුන් බවත් එතැනදී අධ්‍යයන කාර්ය මණ්ඩලය‍ේ ආචාර්ය සහ මහාචාර්යවරුන්ට  සියයට 107 කින් වැටුප් වැඩි කළ අතර අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා සියයට 85 කින් වැටුප් ඉහළ නැංවූ  බවත් පෙන්වා දුන් අමාත්‍යවරය ඒ දෙක අතර සියයට 15ක පරතරයක්  ඇති වූ බව පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දක්විමන් අමාත්‍යවරයා පැවසුවේ,

    මෙම වැටුප් විෂමතා 2018  සිට වසර 06ක් තිස්සේ තිබෙනවා. නමුත් ඒ අතර විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය දීමනාව සියයට 25කින් වැඩි කළා. කුමන දීමනාවක් දුන්නත් භාණ්ඩාගාරයේ අනුමැතිය අවශ්‍යයිඅනධ්‍යන සේවකයන්ගේ වැටූප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළා අපි ඉල්ලීමක් කළා. මෙම කමිටුව හරහා මෙම ගැටලුව විසඳගන්නා ලෙස.  දැන් මාස එක හමාරක් තිස්සේ ඔවුන්ට වැටුප පවා ලැබී නැහැ. එම හිග වැටුප පවා දෙන්න ලබා දෙන්න අපි සූදානම්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya