ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    එලවළු හා පලතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවෙයි

    ජූනි 19, 2024

    මෙරට වගා කරන පලතුරු හා එලවළුවල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා නිර්දේශිත ක්‍රම භාවිතා නොකිරීම හේතුවෙන් මෙරට වගා කරන එලවළු හා පලතුරු පසු අස්වනු හානිය සියයට 40ක් තරම් ඉහළ මට්ටමක පැවැති බව පසු අස්වනු තාක්ෂණික ආයතනය පැවසීය.

     නමුත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පසුගිය කාලය තුළ ගන්නා ලද විවිධ තීරණ හේතුවෙන් මේ වනවිට පලතුරු හා එලවළුවල පසු අස්වනු හානිය සියයට 25ක් දක්වා අවම වී ඇතැයි පසු අස්වනු තාක්ෂණික ආයතනය පවසයි.

    ඊයේ (19) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසු අස්වනු හානිය සම්බන්ධ තොරතුරු සම්බන්ධ සාකච්ඡාවක් මෙම අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය.

    ඒ අනුව බෝංචි පසු අස්වනු හානිය සියයට 40 සිට 23දක්වාත්, බණ්ඩක්කා සියයට 40 සිට සියයට 28, වම්බටු සියයට 30 සිට 20, ගෝවා සියයට 43 සිට 20, කැරට් සියයට 30 සිට 22, මාළු මිරිස් සියයට 40 සිට 25, මෑකරල් සියයට 40 සිට 20, අමු මිරිස් සියයට 40 සිට 19, කරවිළ සියයට 25 සිට 24, තක්කාලි සියයට 29 සිට 15 දක්වාත් පහළ ගොස් තිබේ.

    පලතුරු අතරින් වැඩිම පසු අස්වනු නාස්තිය සිදු ව ඇත්තේ ගස්ලබු හා පේරවලය. ඒ අනුව ගස්ලබු පසු අස්වනු හානිය සියයට 46 සිට සියයට 19 දක්වාත්, පේර සියයට 40 සිට 20 දක්වාත් අවම වී ඇත.

    සමස්තයක් ලෙස ගත් කළ මෙම එලවළු හා පලතුරුවල පසු අස්වනු හානිය සියයට 40 සිට සියයට 25 දක්වා අවම කර ගැනීමට හැකි වී තිබේ.

    මේ සඳහා ප්‍රධාන හේතු නම් අස්වනු නෙලීමේ නව තාක්ෂණික ක්‍රම භාවිතය මෙන්ම ප්‍රවාහණයේ දී ප්ලාස්ටික් කූඩ යොදා ගැනීම හා ඇසුරුම් කිරීමේ දී හානි අවම වන අන්දමින් කටයුතු යෙදීම වේ.

    මීට අමතරව පසුගිය කාලය තුළ එලවළු හා පලතුරු මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් වගා කරන ලද එලවළු හා හා පලතුරු නාස්තිය වළක්වා ගැනීම මගින් තමන්ට වැඩි  ආදායමක් ලබා ගැනීමට ගොවි ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව උනන්දුවක් දැක්වීම ද හේතු වී ඇතැයි පසු අස්වනු තාක්ෂණ ආයතනය පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya