ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජාතික පොසොන් උත්සවය උත්ක­ර්ෂ­වත්ව සැම­රී­මට සියලු කට­යුතු සූදා­නම්

    ජූනි 20, 2024

    2024 ජාතික පොසොන් උත්සවය අති උත්ක­ර්ෂ­වත්ව සැම­රී­මට අවශ්‍ය සියලු කට­යුතු මේ වන විට සූදානම් කර තිබේ.පොසොන් සමයේ අනු­රා­ධ­පුර සිද්ධ­ස්ථාන වන්ද­නා­මාන කිරීම සඳහා දිව­යිනේ නන්දෙ­සින් පැමි­ණෙන ලක්ෂ සංඛ්‍යාත බැති­ම­තුන් සඳහා අවශ්‍ය ආර­ක්ෂාව, ප්‍රවා­හ­නය, ජලය, සෞඛ්‍ය, විදු­ලිය ඇතුළු සියලු පහ­සු­කම් මේ අනුව සැල­සී­මට කට­යුතු යොදා තිබේ. මේ මස දහ­අට (18) සිට විසි හතර (24) වැනිදා දක්වා කාලය පොසොන් සතිය ලෙස නම් කර තිබේ.

    පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පවත්වන සති පිරිත් දේශනාව පසුගියදා (17) රාත්‍රියේ පිරිත් පේ කිරිමෙන් ආරම්භ කෙරිණි. ඒ අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදියි.
    පූජනීය සධාතුක කරඩුව හා පිරුවානා පොත් වහන්සේ පිරිත් මණ්ඩපය වෙත වැඩමවීමෙන් අනතුරුව පිරිත් පේ කිරිම සිදු කෙරිණි. මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු  ලබන මෙම සති පිරිත් දේශනය 18 වනදා සිට එළඹෙන 24 වන දා දක්වා පැවැත් වේ. ජුනි 23 වන දින දහවල් කාලයේ දි නගරය වටා පිරිත් පැන් ඉසීම සිදුකිරීමට නියමිතයි. එදින රාත්‍රී හතට දේව දූත පෙරහැර ආරම්භ වන අතර රාත්‍රී අටට දොරකඩ අස්න දේශනාව ආරම්භ වේ.

    පොසොන් උත්සවයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන පැන් පෙරහැර ද ඊයේ සවස, ඉසුරුමුණි විහාරයේදී පැවැත් විණි. ආගමික වතාවත් වලින් පසුව තිසා වැවෙන් ලබාගත් පැන් පෙරහැරකින්  ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ අබියස පිහිටා ඇති පිරිත් මණ්ඩපය වෙත ගෙන ගිය අතර අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    පොසොන් සමයේ විශේෂ රථ වාහන සැලැ­ස්මක් ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු යොදා ඇති අතර දිව­යිනේ නන්දෙ­සින් පැමි­ණෙන බැති­ම­තුන් අනු­රා­ධ­පු­රයේ වැව්වල දිය නෑමේදී කල්ප­නා­කා­රීව කට­යුතු කළ යුතු අතර ඒ සඳහා ආර­ක්ෂක අංශ­යන්හි ජීවි­තා­ර­ක්ෂක කණ්ඩා­යම් යෙද­වී­මට ද පිය­වර ගෙන තිබේ. ගැට කප­න්න­න්ගෙන් ප්‍රවේ­ශම් වන ලෙස ද ආර­ක්ෂක අංශ ජන­තා­වට දැනුම් දෙයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya