ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    2023-24 මහ කන්නයේ වගා හානි වන්දි සඳහා රුපියල් බිලියන 02ක මුදලක්

    ජූනි 26, 2024

    2023-24 මහ කන්නයේ දී පැවැති අධික වර්ෂාව හේතුවෙන් හානියට පත්  වගාවන් සඳහා රුපියල් බිලියන දෙකක මුදලක් වැය වෙනු ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.  

    දැනට වගාහානි වන්දි ලබා දීම සඳහා රුපියල් බිලියනයක මුදලක් ලැබී ඇති අතර තවත් රුපියල් බිලියනයක මුදලක් රජයෙන් ඉල්ලීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

    2023/24 මහ කන්නයේ දී අධික වර්ෂාව නිසා වැඩිම හානිය අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර අම්පාර දිස්ත්‍රික්කයේ වගා හානි වන්දි ලබා දීම සඳහා අඩු තරමින් රුපියල් මිලියන 800ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිබේ.

    පසුගිය මහ කන්නයේ දී වගා හානියට පත් වූ වගා බිම් ප්‍රමාණය අක්කර 100,000 ඉක්මවා තිබේ.

    එමෙන්ම 2024 යල කන්නයේ දී ද වර්ෂාව නිසා වගා හානි රැසක් වාර්තා වී ඇත. දැනට ලැබී ඇති තොරතුරු මත අක්කර 15,713ක් වර්ෂාව නිසා හානියට පත්ව ඇත. මේ සඳහා වන්දි වශයෙන් වැය වන මුදල මෙතෙක් ගණන් බලා නැත.

    කෙසේ වුවද මේ සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ගොවිජන සුබසාධනය වෙනුවෙන් රජය විශාල මුදලක් වැය කරන බවත්,  දේශගුණික වෙනස්වීම් නිසා සිදුවන වගා හානි පසුගිය දශකය තුළ විශාල ලෙස ඉහල ගොස් ඇති බවත් සඳහන් කළේය.

    රට ආර්ථික වශයෙන් අර්බූදයකට මුහුණ පා සිටින මෙවැනි අවස්ථාවක වගා හානි වන්දි වශයෙන් රජය විසින් ගොවිජනතාවට ලබා දෙන වන්දි මුදල කිසිසේත්ම ඔවුන්ගෙන් අය කර ගත් මුදල් නොවන බවත්, එම වන්දි නොමිලයේ ලබා දෙන වන්දි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    වගා හානි සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya