ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජනය වී නොතිබුණු ක්ෂේත්‍ර 14 ක් අනිවාර්යයෙන්ම බදු ගෙවීම සඳහා යොමුකරගෙන තිබෙනවා - මුදල් රාජ්‍ය අමාත්‍යව සියඹලාපිටිය කියයි

    ජූලි 08, 2024

    මෙතෙක් කලක් කිසිදු සැලකිල්ලකට භාජනය වී නොතිබුණු ක්ෂේතු 14 ක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී , අනිවාර්යෙන්ම බදු ගෙවීම සඳහා යොමු කරගෙන තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා සඳහන් කළේ බදු ගෙවිය යුතු අංශ පිලිබඳව මේ ආකාරයෙන් අවධානය යොමුකළ වකවානුවක් කෙදිනකවත් නොතිබූ බවයි. ඒ අනුව කිසිවෙකුටත් බදු දැලෙන් රිංගා යාමට ඉඩදී නොමැති බවද අමාත්‍යවරයා පවසා සිටියේ ය. අනිවාර්යෙන්ම බදු ගෙවිය යුතු පෞද්ගලික පාසැල් , පෞද්ගලික උපකාරක පංති , මහා පරිමාණ පෞද්ගලික වෛද්‍ය සේවා සපයන ආයතන , ඉංජිනේරු සේවා , නීතිඥ සේවා, මිනින්දොරු සේවා ආදී ක්ෂේත්‍ර වලින් බදු අය නොකරන බවට ඇතමුන් සඳහන් කළද , ගිය වසරේ සිට අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු බවට අළුතෙන් ගෙන ආ ක්ෂේත්‍රයන් 14 ට පෙරකී ව්‍යාපාර ක්ෂේත්‍ර සියල්ල ඇතුළත් බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
    ඒ අනුව එම ක්ෂේත්‍රවලට අදාලව ලියාපදිංචි වූ අයගේ ආදායම් පිලිබඳ දැඩි විමර්ශනයක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යන බවද ඔහු සඳහන් කළේ ය.
    ඒ අනුව කෙටි කලක් තුළ දල දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව 8.3 % කට පහත වැටී තිබූ රාජ්‍ය ආදායම 11 % ඉක්මවූ අගයකට ගෙන ඒමට හැකි වූයේත් ඒ මගින් ප්‍රාථමික ගිනූමේ ධන ශේෂයක් පවත්වා ගැනීමට හැකිවූයේ , පෙරකී ක්ෂේත්‍රයන් පිලිබඳව දැඩි විමර්ෂණයක් සිදු කොට ඒවායේ ආදායම එකතු කර ගත් නිසා බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය. සමහර ව්‍යාපාරවල තමන්ගේ නිසි ආදායම අවප්‍රමාණය කර පෙන්වීමටත් , වියදම අධි ප්‍රමාණය කර පෙන්වීමටත් ඇති යම් යම් අවස්ථා සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ස්වයං කරුණු ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවල තිබෙන යම් යම් අඩුපාඩු තවදුරටත් නිවැරදි කිරීම අවශ්‍ය බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටි අතර , ඒ සඳහා රැමිස් ව්‍යාපෘතිය සෑම තැනකටම ව්‍යාප්ත කරමින් පවතින බවද සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya