වෛද්‍යවරයා මේ බව පැවසුවේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
රටේ පෞද්ගලික අංශයෙන් ලබාදෙන සේවාවන් මෙම රෝහලෙන් ලබාගැනීමේදී ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු පහසුකම්ද සමග 50%ක හෝ ඊට වඩා අඩු මුදලකට ලබාගත හැකි බවද පෞද්ගලික අංශයෙන් සේවා ලබාගැනීමට අපහසු සහ රජයේ රෝහල් වලින් සේවා ලබාගැනීමට තෘප්තිමත් නොවන අතරමැදි පිරිස් එනම් පහළ මධ්‍යම පන්තියට දරාගත හැකි සාධාරණ මිලකට ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු සේවාවන් සැලසීම රජයේ මෙන්ම රෝහලේ අරමුණ වන බව රෝහල් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
ඒ වෙනුවෙන් අගෝස්තු 01 වනදා සිට රෝහල තුළ අලුත් වැඩසටහන් ගණනාවක් හදුන්වා දෙමින් සිටින බවද බොහෝ සේවාවන් මහජන මිත්‍රශීලී ලෙස ජනතාවට හිතෛශී ලෙස රැගෙන යාමට කටයුතු කරමින් සිටින බවද පැවසුවේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණදෙන ගැටලුවක් ලෙස පවුලක ආදායමෙන් 4.1%ක් එනම් සැලකිය යුතු මුදලක් සෞඛ්‍ය වියදම් සදහා වෙන්කර ගැනීමට සිදුවෙන බව ද මෙය යම්තාක් දුරකට අඩුකර ගැනීමට රෝග වළක්වාගැනීමෙන් සහ අතරමැදි මුදලකට ප්‍රතිකාර ලබාගැනීමෙන් හැකිවන බවද අවධාරණය කළේය.
මෙම රෝහල කෝට්ටේ ප්‍රෙද්ශයේ පිහිටා තිබීමත් රෝගීන්ට රෝහලට ඒමේ පොදු ප්‍රවාහන සේවයේ බාධා පැවති බවද බොරැල්ලේ සිට බොරැල්ල නව රෝහල බසය ප්‍රධාන වශයෙන් ද මහරගම සිට තව බසයක්ද පමණක් තිබූ බව සිහිපත් කළ වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යවරයාට සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සතියක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ කොළඹ කොටුවේ සිට රෝහල දක්වා එක බස් රථයක්ද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට රෝහල දක්වා තවත් බස් රථයකුත් දිනපතා වාර 06ක් ධාවනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දුන් බවද සදහන් කළේය.
පාසල් දරුවන්ට සිසුසැරිය ලබාදී ඇති සෙයින් රෝහල් සදහා සුවසැරිය යන නාමයෙන් මෙම ප්‍රවාහන පහසුකම ලබාදීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාට විශේෂ ස්තුතියක් පිරිනැමීමටද රෝහලේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා අමතක නොකළේය.
මේ නිසා රටේ බොහෝ ප්‍රෙද්ශ වල සිට පිටකොටුවට පැමිණෙන ජනතාවට සහ අධිවේගී මාර්ගය භාවිතා කරමින් පැමිණෙන ජනතාවට එක් බස් රථයක් ඔස්සේ රෝහලට ළගා වීමේ පහසුකම් සැලසී ඇතැයිද වැඩිදුරටත් පැවසුවේය. මේ අනූව පොදු ප්‍රවාහනය හරහා රෝහලට ළගා වීමේ පහසුකම් සලසමින්ද, ඉතාම ඉහළ ගුණාත්මක සේවාවක් දරාගත හැකි සාධාරණ මුදලකට ජනතාවට ලබාදෙමින්ද කටයුතු කරන බව අවදාරණය කළේය.
ඒ සදහා 1800ක් පමණ වූ රෝහල් කාර්ය මණ්ඩලයද එකතු වී එම කර්තව්‍යයට ප්‍රවේශ වන බවද රෝහලේ සාර්ථකත්වය මැනීමේ මිනුම් දණ්ඩ රෝගියාගේ තෘප්තිමත්භාවය බවද වැඩිදුරටත් පැවසුවේය.