ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රධාන ආදායම් ලැබෙන ආයතන ඩිජිටල්කරණය කිරීමෙන් වංචා දූෂණ අක්‍රමිකතා නැවැත්විය හැකියි - ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

    ජූලි 09, 2024

    මෙරටට ප්‍රධාන ආදායම් ලැබෙන ආයතන හතර වන දේශීය ආදායම්, සුරාබදු, රේගු, ඉඩම් රෙජිස්ට්‍රාර් යනාදී දෙපාර්තමේන්තු ඩිජිටල්කරණය කිරීමෙන් වංචා දූෂණ අක්‍රමිකතා නැවැත්විය හැකි බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද(09) පැවසීය.


    රටේ සියලු සංවර්ධන කටයුතු වසරකට හෝ නවතා ඒ සඳහා ඇති මුදල් ඩිජිටල්කරණයට යොමු කිරීමෙන් රට සංවර්ධන මාවතට යොමු කළ හැකි බවත් තාක්ෂණය සම්බන්ධයෙන් බුද්ධිය තිබෙන ලෝකය වටා සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සහාය මේ සඳහා ලබා ගත හැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
    ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
    මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
    වසර විසි ගණනකට පසුව තමයි මේ පනත සංශෝධනය කරන්න මතක් වෙලා තිබෙන්නේ. ලෝකයේ අනෙක් රටවල් තාක්ෂණයෙන් ඉදිරියට යන විට අපි සිටින තැන ගැන කනගාටු විය යුතුයි. පාරිභෝගිකයා ආරක්ෂා කිරීම ඇතුළු කරුණු ගණනාවක් මේ පනතට අයත් වෙනවා. ඔන්ලයින් ප්‍රසම්පාදන කටයුතුවලට යන්නේ නම් වංචා දූෂණ අක්‍රමිකතා අඩු කර ගත හැකියි. සුරාබදු, දේශීය ආදායම්, රේගු දෙපාර්තමේන්තු තවමත් ඩිජිටල්කරණයට ගොස් නැහැ. ඩිජිටල්කරණය කළ ගමන් වංචා දූෂණ නවතිනවා. සියලු රාජ්‍ය ආයතන ඩිජිටල් කළ යුතුයි. අද පාස්පෝට් ඔෆිස් එකට එන අය අම්මා මුත්තා නැතිව බනිනවා. මොකද ස්ට්‍රයික්. ඩිජිටල්කරණය කළා නම් මේ ස්ට්‍රයික් නැහැ. තාක්ෂණය ඉදිරියට යාම තුළ වංචා දූෂණ අවම වෙනවා. රටේ වැඩිම ආදායම් ලබන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම වැළැක්වීමට එරෙහිව වෘත්තීය සමිති පාරට බහිනවා. අපි කොහාටද යන්නේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya