ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෙතරම් ආර්ථික අපහසුතා තිබුණත් රුසියාවේ හෝ වෙනත් රටවල හමුදාවට යන්න එපා - රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය

    ජූලි 09, 2024

    රුසියානු යුධ කටයුතු සඳහා ගොස් ඇති බොහෝ පුද්ගලයින් එම අවධානම දැනගෙන   එම රටවලට ගොස් තිබෙන බවත්, ආර්ථික අමාරු කොතෙක් තිබුණද  රුසියාව හෝ වෙනත් රට වල යුධ කිරීමට නොයන ලෙස විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පැවසීය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පසුගිය දා සිදු කළ රුසියානු, මියන්මාර සහ චීන සංචාර තුළින් ශ්‍රී ලංකාවට ලද ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම සඳහා  අද(09) රජයේ ප්‍රවෘත්ති  පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    ඉන්දියාව හෝ වෙනත් රටකට හෝ යුද්ධයට ගොස් සිටින පුද්ගලයින් සම්බන්ධව මුදවා ගැනීමට කටයුතු කරන්නේ නම් එම රටවලට දෙන සහනයම ශ්‍රී ලංකාවට දෙන ලෙසට රුසියානු විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තිබෙන බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.

    විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ ඒජන්සි හරහා නොව ලියාපදිංචි වූ කම්පැනි හරහා මොවුන් රුසියාවට ගොස් ඇති බව මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා හෙළි කළේය. ඒ අනුව එලෙස රට යැවූ පුද්ගලයින් 09 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත්, ඒ සම්බන්ධව රහස් පරීක්ෂණ කටයුතු ද සිදු කරමින් තිබෙන බවත්, ඉදිරිකාලයේ දී තවත් එම තොරතුරු අනාවරණය වන විට නීතිමය ක්‍රියාමාර්ගයකට යොමු වෙන බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.

    එක් පුද්ගලයෙකු හෝ වෙනත් රටක අනතුරක සිටි නම් නැවත මෙරටට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යංශයට  වගකීමක් තිබෙන බවත් වෙනත්රටක බලහත්කාරයෙන් තබාගෙන සිටින මෙරට ශ්‍රී ලාංකිකයින් නිදහස් කර ගැනීම රජයේ වගකීමක් බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා  වැඩිදුරටත් පැවසීය.

    මියන්මාර තායිලන්ත සිමාවේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් මුදවා ගැනීම සඳහා මියන්මාර රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ බවත්, තායිලන්තයේ නියෝජ්‍ය විදේශ ඇමැතිවරයාද මෙහි දී හමු වූ බවත්, 2023-2024 කාල පරාසය තුළ දී මියන්මාරයේ සිටි පුද්ගලයින් දැනටමත් 89 දෙනකු ලංකාවට ගෙන ඒමට හැකි වූ බවත් මෙහි දී අනාවරණය කළේය.

    තවත් 49 දෙනකු මියන්මාරයේ ත්‍රස්තවාදීන් පාලනය කරන ප්‍රදේශයේ සිටින බවත් ඔවුන්ව මෙරටට රැගෙන ඒමට එම සාකච්ඡා සිදු කළ බවත්, ඔවුන් නිදහස් කර ගැනීමට සියලු උත්සාහ දරණ බවට මියන්මාර රජයෙන් පොරොන්දු වූ බවත්  හෙතෙම මෙහි දී සඳහන් කළේය.

    ඒ සම්බන්ධවන විවිධ විකල්ප මාර්ග පිළිබඳවත් අවධානය යොමු කරමින් තිබෙන බවත්, යම්කිසි ගෙවීමකින් හෝ NGO සමඟ සම්බ්න්ධ වී හෝ ඔවුන්ව නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය. ඒ අනුව 49 දෙනකු නොව එක් පුද්ගලයෙකු වෙනත් රටක අනතුරක සිටි නම් නැවත මෙරටට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යංශයට  වගකීමක් තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya