ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වර්ජන හේතුවෙන් රටේ ආදායම ලැබෙන්නේ නැතිනම් වැටුප් ඉබේම නැති වෙනවා - කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූලි 10, 2024

    වර්ජන හේතුවෙන් රටේ ආදායම ලැබෙන්නේ නැතිනම් වැටුප් ගෙවීමට නොහැකි වන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    අද කෙසේ හෝ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ගෙවන බව භාණ්ඩාගාරය දැනුම්දී ඇතැයි පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ආදියේ දිනපතා එකතු වන ආදායම් ගිණුමෙන් බව පැවසුවේය.

    එම ආදායම නොමැති වුවහොත් වැටුප් විශ්‍රාම වැටුප් ගෙවීම අසීරු බව පැහැදිලි කළ අමාත්‍යවරයා මින් පෙර සෑම ආණ්ඩුවක් යටතේම ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අච්චු ගැසුවද වර්තමානයේ කුමන හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා මහබැංකුවට මුදල් අච්චු ගැසිය නොහැකි බව අවධාරණය කළේය.

    වෙන රජයක් පැමිණියද මෙම තීන්දුව වෙනස් කළ නොහැකි බව පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා එම කීන්දුව වෙනස් කළහොත් මුලු ලෝකයම අප රට අතහරින බවද පැවසුවේය. කොවිඩ් 19 වසංගත කාලසීමාවේද මුලු රටම වසා ඇති තත්ත්වයක වුවද රාජකාරියට වාර්තා නොකර නිවෙස් වල සිටි අයට වැටුප් ගෙවීමට සහ සහනාධාර ලබාදීමට මුදල් අච්චු ගැසූ බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ උද්ඝෝෂණ කරන කණ්ඩායම් වලට සම්බන්ධ කිසිම පාර්ශවයකට ආණ්ඩු බලයක් ලැබුණත් සති දෙකක් වත් රටක් ආන්ඩුකරණය කළ නොහැකි බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya