ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අද දහවල් 12.00 වන විට සේවයට වාර්තා නොකරන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සේවය අතහැර ගියා සේ සලකනවා - ඇමති බන්දුල

    ජූලි 10, 2024

    දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (10) දහවල් 12.00 වන විට සේවයට වාර්තා නොකළහොත් රටේ තිබෙන නීතියට අනුව සේවය අතහැර ගියා සේ සලකන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.


    එම නීතිය ඇමැතිවරයා ලෙස තමන්ට වෙනස් කළ නොහැකි බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිල වශයෙන් එම නිවේදනය නිකුත් කර තිබෙන බවත් හෙතෙම කීවේය.
    එම නිසා සියලුදෙනා දහවල් 12.00 ට පෙර සේවයට වාර්තා කරන ලෙසත්, ඊට පස්සේ මොකද වෙන්නේ යන්න 12න් පසු බැලිය හැකි බවත් ඒ මහතා කියා සිටියේය.
    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
    දුම්රිය, බස් රිය මහාමාර්ග හා ඊට අදාළ සියලූම දේවල් රජයේ ගැසට් පත්‍රයෙන් ජනාධිපතිවරයට පැවරෙන බලතල අනුව අත්‍යවශ්‍ය සේවා බවට පත්කරලා තිබෙන්නේ. එසේ තිබියදී වෘත්තිය සමිති විසින් ක්ෂනික ක්‍රියාමාර්ගයක් අනුගමනය කරලා පෙරේදා රාත්‍රී සිට දුම්රිය ධාවනය කරන්නේ නැහැ. මීට කලින් දුම්රිය රියදුරන්ට අවුරුදු 10න් 10ට උසස් වීම් ලැබෙන නිසා රියදුරන්ගේ විශාල හිඟයක් පවතින නිසා දීර්ඝ කාලයක සිට බඳවා ගැනීම් කරලා නැති නිසා ඔවුන්ට අවුරුදු 05න් 05ට උසස් වීම් ලැබෙන ලෙස රාජ්‍ය කළමනාකරණ සේවා, රාජ්‍ය සේවා කොමිසම් වලින් අනුමැතිය ලබාගන්න කියලා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. දුම්රිය රියදුරන් වර්ජනය කිරීම වැලැක්වීම සදහා 05න් 05ට උසස් වීම් ලබාදෙන්න තීරණය කළා. දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇවිත් කිව්වා රියදුරන්ට ලබා දුන්න දේ ඒ අයටත් ලබාදෙන්න කියලා. අවුරුදු 10න් 10ට උසස් වීමේ ක්‍රමය අවුරුදු 05 කරන්න කියලා. දේශපාලන වශයෙන් ඇමැතිවරයට එක පෑන් පාරෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමැතිය ලබාගන්න ඕන. කැබිනට් මණ්ඩලය අනුමත කරන්න ඕන. මේවා සියල්ල කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් පිළියෙළ කළා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අවුරුදු 05න් පසු ලැබෙන විදියට යෝජනාව හදලා අස්සන සඳහ තිබුණ කැබිනට් පත්‍රිකාවට අස්සන තැබීමට පෙර අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවෙන්න මේ වෘත්තීය සමිතියේ නායකයන් සහ 20 දෙනක්ගේ පමණ කණ්ඩායමක් පැමිණිලා තිබෙනවා. ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ ඉන්නවා. සියලුදෙනා මේ කරුණුවලට එකඟ වෙලා. අස්සන් කරලා කැබිනට් මණ්ඩලය රාජ්‍ය සේවා කොමිසමට දානව මේකට අනුමැතිය දෙනවද කියලා. වෘත්තිය සමිති නියෝජිතයෝ කියලා තියෙනවා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබුණට පස්සේ දැම්ම ම එක සැරයෙන්ම ඉවර වෙනවා නේ කියලා. ඒකත් අමුණලා ඊළග සතියේ යවන්න කියලා පිට වෙලා ගිහින් යන ගමන් එතැන සිටී බුද්ධි අංශවලට ඇහිලා තියෙනවා හරි යන්නේ නැහැ වැඩේ. මේක කෙරෙන්න යන්නේ. මීට කලින් තිබුණා ඔන් ලයින් ටිකටින් එක වරම සියල්ල දුම්රිය ස්ථානාධිපතිවරුන් අරන් රුපියල් 5000ක ප්‍රවේශ පත්‍රය 8000ට 10000ට 15000ට සංචාරකයන්ට විකුණන ජාවාරමක් තිබෙනවා. දුම්රිය ස්ථානයේ ටිකට් නැහැ.  ඉදිරියේ තිබෙන ත්‍රීරෝද රථ ගාලේ ටිකට් තියෙනවා වැඩි ගානට. මේ ජාවාරම නතර කරන්න අපි ශ්‍රී ලංකා මොබිටෙල් එකත් එක්ක ඕන කෙනෙකුට ගන්න පුළුවන් විදියට සකස් කරලා දුන්නා. වංචාව නතර කරලා. ඒ අවස්ථාවේ ඔවුන් කියලා තියෙනවා ප්‍රවේශ පත්‍ර වලින් සියයට 40ක් වත් දේනේ නැත්නම් දිගටම වර්ජනය කරනවා කියළා. මම උදේ වරුවේදි සුමේධ කියන වෘත්තීය සමිති නායකයාට කිව්වා කැබිනට් පත්‍රිකාව සකස් කරලා තිබෙන්නේ වර්ජනය කරන්න එපා. මොකද මම මේක කරන විත්තිය දැනගෙන ඔහුට ඇතුළේ තිබෙන දේශපාලන බලවේගය හසුරුව ගන්න බැරි නිසා දුම්රිය වර්ජනයක් එනවා. මගීන් පීඩාවට පත් කරන්න එපා. වර්ජනය කරන්න එපා මම කොහොම හරි කැබිනට් පත්‍රිකාව අනුමත කරලා දෙනවා කියලා. රටේ නීතිය බරපතල ලෙස කඩ කරලා තිබෙනවා. නීතියට අභියෝග කරලා තිබෙනවා දුම්රිය ස්ථානාධිපතිවරුන්. එහෙම ගර්ජනයට, තර්ජනයට වත්මන් ජනාධිපති රනිල් විකමසිංහ මහතා ඉඩ දෙන්නේ නැහැ කියලා විස්වාසය මට තිබෙනවා. මෙවැනි කඩාකප්පල් නතර කිරීම සඳහා අවශ නීතියක් ලංකාවේ ව්‍යවස්ථාදායක මගින් සම්මත කරගැනීම සඳහා අදාළ කටයුතු ඉදිරියේ දී සකස් කරන්න පියවර ගන්නවා.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya