ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අපරාධකරුවන් ‌මාධ්‍ය ඉදිරියට ගෙනැවිත් ප්‍රශ්න කිරීම සිදු නොකල යුතුයි - සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම ජය්

    ජූලි 11, 2024

    අපරාධකරුවන් මාධ්‍ය ඉදිරියට ගෙනැවිත් ප්‍රශ්න කිරීම සිදු නොකල  යුතු යැයි අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රටේ පවතින ප්‍රචණ්ඩත්වය මඩින්න පැහැදිලි තිරසර විසඳුමක් අවශ්‍ය බව කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කල වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    අද පාතාලය නිසා සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් සහ භීතියක් එල්ල වී තිබෙනවා. අද සැක කරුවන් ගෙනත් ප්‍රශ්න කිරීමත් පොලීසි‌යෙන් ප්‍රශ්න කරන එකත් මාධ්‍යයේ පෙන්වනවා. ඉතිහාසයේ දරුණු ගනයේ අපරාධ සිද්ද වුණහම මාධ්‍ය ඉදිරියේදී ප්‍රශ්න කරන්නේ නැහැ. අපේ රටේ අපරාධ නීතිය අද විහිළුවකට ලක් වෙලා. නීතියට තියන බය නැති කරන්න එපා. මේ කරුණු දෙකම හේතුවෙනවා මේ රටේ අපරාධ වැඩිවීමට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya