ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    21 වැනි “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායනය ගාල්ල බෝපේ, පෝද්දල ආචාර්ය රිචඩ් පතිරණ විද්‍යාලයේ දී

    ජූලි 14, 2024

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන්  මාලාවේ තවත් එක් වැඩසටහනක් අද (13) පෙරවරුවේ ගාල්ල බෝපේ, පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උළුවිටිකේ , ආචාර්ය රිචඩ් පතිරණ විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.

    විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය,  වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබද සායනය සහ චීන කටු චිකිත්සාව, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන්  ඇතුලු වෛද්‍ය සේවාවන් රැසක් මෙන්ම ඖෂධ නිකුත් කිරීම ද සිදු කෙරේ.

    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ......

     

    මෙම මස 19 දින ගාල්ල බෙලිගහ නව උසාවි සංකීර්ණයත්,  ගොඩකන්ද ප්‍රදේශයේ රුපියල් කෝටි 100 ක පමණ මුදලක් වැය කර ඉදිකෙරුණූ ලංකා‌‌ෙව් ප්‍රථම සමසෞඛ්‍ය පීඨ ගොනැගිල්ලත් අතිගරු ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට කටයුතු කරන බවයි.

     

    නව උසාවි සංකීර්ණයේ ඉදිකිරීම් 2012 වසරේ  ආරම්භව 2015 සිට 2020 දක්වා විශාල කාලයක් ඉදිකිරීම් කටයුතු නතර වී තිබුන බව ද පැවසීය. නැවත වැඩ ආරම්භ කර රුපියල් කෝටි 100 ක් වැනි මුදලක් වැය කරමින් එහි වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගෙන ඇති බව ද පැවසීය.   

     

    පසුගිය දිනවල මෙම ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයට පසු රෝග පීඩා කටයුතු පිලිබද සොයා බලමින් අවශ්‍ය උපදෙස් ලබාදීමටත්, සෞඛ්‍ය සංරක්ෂණය ඇති කිරීමට මෙම ජංගම සෞඛ්‍ය සායනය ඉවහල් වන බවයි. 

    කොළඹ ජාතික රෝහල, කොළඹ ජාතික අක්ෂි රෝහල මෙන්ම ගාල්ල කරාපිටිය ජාතික රෝහල,සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සායනයෙන්  ප්‍රථිකාර සේවාවන් ලබාගැනීම සදහා ගොඩකන්න, කරාපිටිය, නාවින්න, හිරිඹූර, උලුවිටික වැනි ග්‍රාම නිලධාරි වසම්වල විශාල  ජනතාවක් අද පෙරවරුව වන විට සහභාගී වී  සිටියහ.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම්  හර්ෂප්‍රිය සිසිර කුමාර, රිචඩ් පතිරණ විද්‍යාලයේ විදුහල්පති ආර්.එම් විමලසිරි, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර යන මහත්වරු මෙන්ම  ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya