ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රන්දොර උරුමය හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන ජූලි මස 17වැනිදා

    ජූලි 16, 2024

    කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී නිවාස හිමියන් වෙත සින්නක්කර ඔප්පු පිරිනමන රන්දොර උරුමය හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන ජූලි මස 17වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බව නාගරික සංවර්ධන නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එස්.සත්‍යානන්ද මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ , රන්දොර උරුමය හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය සම්බන්ධයෙන්  ඊයේ  (15) රජවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    2024 අයවැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේදී  ගරු ජනාධිපතිතුමන් ඉදිරිපත් කල කොළඹ නගරය ඇතුළුව දිවයින පුරා මහල් නිවාසවල ජීවත්වන අඩු අදායම්ලාභී පුද්ගලයන් වෙත නොමිලේ සින්නක්කර ඔප්පු පුදානය කිරීමේ විශේෂ ව්‍යාපෘතියට අනුව මෙය ක්‍රියාත්මක වේ.

    එමෙන්ම නාගරික සංවර්ධන නිවාස අමාත්‍යතුමා වන ප්‍රසන්න රණතුංග මැතිතුමන්ගේ මඟපෙන්වීම සහ උපදේශකත්වය සහ එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේද සහයෝගය ඇතිව නාගරික සංවර්ධන නිවාස අමාත්‍යංශය,නාගරික සංවර්ධන අධිකාරිය,ජාතික නිවාස සංවර්ධන අධිකාරිය,සහධිපත්‍ය කළමණාකරන අධිකාරිය සහ එම ආයතනවල සියලුම නිලධාරින්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ලේකම්වරයා කීය.

    වසර ගණනාවක් දිවයින පුරා අඩු ආදයම්ලාභී නිවාස හිමියන් වෙත ඔවුන්ට හිමි සින්නක්කර ඔප්පුව ලබා ගැනීමේ යම් යම් බාදා ඇති වූ බව කී සත්‍යානන්ද මහතා,ඒ සඳහා බලපාන ලද විවිධ ප්‍රතිපත්තිමය කරුණු නීතිමය කරුණු හේතුවෙන් එම ඔප්පු ලබා දීම ප්‍රමාදවූ බවද පෙන්වා දුන්නේය.

    මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි , නාගරික සංවර්ධක අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් යන මහත්වරුනද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya