ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024 – 2034 දක්වා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

    ජූලි 16, 2024

    සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ අනුග්‍රහය සහ කැපවීම මත දීර්ඝ කාලීන පරිශ්‍රමයක් දරා ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024 – 2034 දක්වා කාලයකට ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙරට ඓතිහාසික වශයෙන් ඉහළම වැදගත්කමක් හිමිවන හෙළ වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට බොහෝ කාලයක් තුළ පැවත ආවද පාරම්පරික වෛද්‍යවරු 20,000ක් පමණ දිවයිනේ සතර දිග්භාගයේ වෙසෙතත් ඔවුන්ට නිසි පිළිගැනීමක් ලැබෙන ආකාරයේ ප්‍රතිපත්තියක් ලංකා ඉතිහාසයේ නොතිබුණු බවද පැවසුවේය.

    මෙතෙක් පැවති සියලුම දේවල් එනම් සිද්ධ, යුනානි, ආයුර්වේද යන සියල්ලමත් සමග පාරම්පරික වෛද්‍ය ක්‍රමයත් ඇතුලත් වන පරිදි විද්වත් කමිටුවක් විශාල කාලයක් ගතකරමින් එම සියලුම පාර්ශවයන්ගේ අදහස් උදහස් ඇතිවී ඇති බාධක, පර්යේෂණ හා අත්හදාබැලීම් යනාදියේ ඇතිවන ගැටලු පිළිබඳ දීර්ඝ සංවාද, සාකච්ඡා මගින් සකස් කළ ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024 – 2034 කාල පරිච්ඡේදය තුළ රට තුළ වඩා ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.







    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya