ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    පුත්තලම සහ ගල්ගමුව මූලික රෝහල් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ නිරික්ෂණයට

    ජූලි 17, 2024

    මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් සහ කඩිනම් විසදුම් ලබා දෙමින් මෙරට ජනතාවට  ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අදහසකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

    එම වැඩපිළිවෙළට සමගාමීව ඊයේ (16) දින පුත්තලම සහ ගල්ගමුව යන  මුලික රෝහල් වල විශේෂ නිරීක්ෂණයක සෞඛ්‍ය අමාත්‍යවරයා නිරත වු අතර එහිදී රෝහලේ බාහිර රෝගී අංශය, සායන, වාට්ටු, මුළුතැන්ගෙය, රසායනාගාරය, ඖෂධ ගබඩා, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, සහ විශේෂ ඒකක නිරික්ෂණයට ලක් කෙරිණි.

    නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ජාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලයට පවතින රාජකාරී ගැටලු හා අනෙකුත් ගැටලු පිළිබඳව  විමසීමට මෙන්ම ඒවාට විසදුම් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන ලදී.

    පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීතුමා විසින් රෝහල මගින් ලබාදෙනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය, ඉදිරි රෝහල් සංවර්ධන වැඩකටයුතු, රෝහලේ මානව හා භෞතික සමිපත් පිළිබඳ  ගැටලු , නේවාසිකාගාර අවශ්‍යතාවය, ගිලන් රථවල අවශ්‍යතාවය මෙන්ම දැනට අබලන්ව පවතින පැරණි හදිසි ප්‍රතිකාර ඒකක ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය ද පෙන්වා දෙන ලදී.

    මේ පිළිබඳ  විශේෂ අවධානය යොමු කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ පුත්තලම මුලික රෝහල නඩත්තු සහ සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 25 ක මුදලක් ලබාදීමටත්, ලබන වර්ෂයේ දී, රෝහලේ නව ගොඩනැගිලි ඉදිකිරීම සදහා මිලියන 500 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමටත්, පුත්තලම මුලික රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් බවට උසස් කිරීමේ කටයුතු ද  කඩිනමින් සිදු කරන බවද කීවේය.

    එමෙන්ම ගල්ගමුව මූලික රෝහලේ නිරීක්ෂණයෙන් අනතුරුව  ගල්ගමුව මුලික රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා  රුපියල් මිලියන 10 ක මුදලක් කඩිනමින් ලබාදීමටත්  ලබන වසරේ අයවැයෙන් ගොඩනැගිලි ඉදිකිරීම් සදහා මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගන්නා බවද,  ශල්‍ය වෛද්‍යවරයෙක් සහ විකිරණවේදි වෛද්‍යවරයෙකූ ද ලබාදීමට ද පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය.

    සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් මේ වන විට දිවයින පුරා රජයේ රෝහල් 85 කට අධික ප්‍රමාණයක විශේෂ නිරීක්ෂණයක නියැලෙමින් පවතින අඩුපාඩු හදුනාගෙන ඒවාට දීර්ඝකාලීන, මධ්‍ය කාලීන හා කෙටිකාලීන විසදුම් ලබා දීමටද, පියවර ගෙන ඇත.

    මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් මොහොමඩ්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, හිටපු නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත යන මහත්වරුන්ද,වෛද්‍ය අධිකාරීවරුන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු රෝහල් කාර්යමණ්ඩලය, සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ද,  එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya