ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ධීවර ඇමති ඇතුළු දූත පිරිසක් ඉන්දියාවේ හයිද්‍රාබාද්හි සමුද්‍රීය ජල කළමනාකරණ සමුළුවට සහභාගී වෙයි

    ජූලි 17, 2024

    ඉන්දියාවේ හයිද්‍රාබාද් හි ඊයේ (16) ආරම්භ වූ ඉන්දීය සාගරයේ සමුද්‍රීය සම්පත් හා මිරිදිය සම්පත් පිළිබඳ පර්යේෂණ හා කළමනාකරණ සමුළුවට සහභාගී වීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ අමාත්‍යංශ අනුබද්ධිත ආයතන වන ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ ආයතනයේ (නාරා) හා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (නැක්ඩා) නිලධාරීන් පිරිසක් පසුගියදා (14) ඉන්දියාව බලා පිටත්විය.

    මෙම සමුළුවේදී ඉන්දීය සාගරයේ සාගර සම්පත් කළමනාකරණය කොට ඒවා ආරක්ෂා කිරීම හා නව සමුද්‍රීය සම්පත් සොයා ගැනීම පිළිබඳව පර්යේෂණ කරනු ලබන විද්‍යාඥයින්ද පිරිසක්ද මෙම සමුළුවට සහභාගී වන බැවින් මෙම සාකච්ඡාවට සහභාගී වීම ඉතා වැදගත් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    තවද ඉන්දියාවේ මිරිදිය සම්පත් කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවට ගන්නා අතර මිරිදිය ඉස්සන් වගාව හා අනෙකුත් මිරිදිය මත්ස්‍ය වගාවන් පිළිබඳව සොයා බැලීමට අමාත්‍යවරයා කටයුතු කරන බව පැවසුවේය.

    ඉන්දීය සාගරයේ සමුද්‍රීය සම්පත රැකගැනීම හා ඒවා වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙවැනි සමුළු පැවැත්වීම ඉතා වැදගත් බව අමාත්‍යවරයා සමුළුවට යාමට ප්‍රථමයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya