ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුවේදී අණ පනත් සම්මත කළ නිසා අද ජල විදුලි බිල් අඩුවී ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි

    ජූලි 19, 2024

    විදුලි බිල සහ ජල බිල අඩුකර ආර්ථික වශයෙන් යම් සහනයක් ලබාදීමට මේ වන විට හැකි වී තිබෙන්නේ එදා අවශ්‍ය අණ පනත් පාර්ලිමේන්තුවේ දි සම්මත කිරිමට කටයුතු කළ නිසා බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

    නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයේදී පැවති  “දක්ෂිණ ජන මෙහෙවර- ජංගම සේවය “වැඩසටහනට සම්බන්ධ වෙමිනි.

    මීට සමගාමීව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ  විශේෂ මහජන දිනයක්ද  එදින පැවැත්වුණි.

     

    එදා අරගලයකින් රට අස්ථාර කිරීමට ගිය අවස්ථාවේදී ඊට නොබියව මුහුණ දෙමින් ඉතා අමාරුවෙන් පාර්ලිමේන්තුවේදී යම් තීරණ ගැනීම නිසා මේ වන විට රට ආර්ථික වශයෙන් යම්දුරකට ශක්තිමත් වෙමින් පවතින බවත් එය එහි ප්‍රතිලාභ මේ වන විට රටේ පොදු මහජනතාවට ලැබෙමින් පවතින බවද පාර්ලිමෙහ්න්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙන ලදී.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

    ෆේස්බුක් ඇතුළු ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවලින් කෙතරම් මඩ ප්‍රහාර එල්ල කළත් ඒවාට නොබියව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කීරීම නිසා මේ වන විට ආර්ථිකයේ ගමන් මග යම් ස්ථාවරයකට පැමිණෙමින් තිබෙනවා.

     

    මෙම කරුණුවලට අවශ්‍ය අණ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරන විට ඇතැම් පිරිස් කිව්වා, මේ අණ පනත්වලට අත උස්සන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහර දෙන්න කියලා, ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගමට එන්න දෙන්න එපා කියලත් ඔවුන් කිව්වා.

    මේ වන විට පාර්ලාමේන්තුවේ රටට අවශ්‍ය අණ  පනත් 151 ක් පමණ සම්මත කරගෙන තියෙනවා.තවත් පනත් කිහිපයක්ම ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

    එදා විදුලිබල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වේලාවේදී එය සම්මත කර ගැනීමට  එරෙහිව පාර්ලිමේන්තුවට බලපෑම් එල්ල වුණා.

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් වෘත්තීය සමිති ඒ අවස්ථාවේදී කඩාකප්පල්කාරී වැඩ කළා.

    කොත්‍මලේ ජලාශයේ  වාන් දොරටු බලෙන් ඇරලා සමහර වෘත්තීය සමිති කටයුතු කළා.

    මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කර ගැනීම සඳහා විවිධ අභියෝග මධ්‍යයේ කටයුතු කරමින් සිටියදී විවිධ පිරිස් එම කටයුතු කඩාකප්පල්කාරී කිරීමට උත්සාහ ගත්තා. එහෙම උනානම් මේ රට ඉක්මනින් යථා තත්ත්වයට පත්වන්නේ නැහැ යනුවෙන්ද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම ජංගම සේවයට අති විශාල මහජන පිරිසක් සහභාගි වූ අතර ඔවුන් යොමුකළ ගැටළු විශාල ප්‍රමාණයකට විසඳුම් ඒ මොහොතේදීම ලබා දීමට හැකිවිය.

    මෙහි විශේෂත්වය වන්නේ සේවාවන් රැසක් ජනතාව වෙත එකම ස්ථානයකදී ලබා දීමට හැකි වීමයි.මෙම ජංගම සේවයට සමගාමීව ඉඩම් බලපත්‍ර ලබා දීම,ආබාධිත පුද්ගලයින් සඳහා රෝද පුටු, අත්වාරු ප්‍රධානය කිරීමද,පාසල් සිසුන් සදහා පාසල් උපකරණ කට්ටල මෙන්ම වනිතා සමිති සාමාජිකාවන් සඳහා සක්‍රීය ණය ලබා දීමත් සිදු වූ  අතර විශේෂයෙන් ජංගම සේවය හරහා අඩු ආදායම් ලාභී ජනතාව සඳහා නොමිලයේ ඇස් පරීක්ෂා කර ඇස් කණ්ණාඩි ලබා දීම  හා පළාත් සභාව මගින් ක්‍රියාත්මක වන සියලුම රාජ්‍ය ආයතන වල සේවාවන්ද මෙහිදී ලබා දීම සිදු විය.

    දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු ,රාජ්‍ය නිළධාරීහු ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya